මේ කියන්න යන්නේ තවත් ඔබ මවිතයට පත් වෙන කතාවක්.. දරුවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සෞඛ්‍ය ගැන අපි වඩාත් සැලකිලිමත් වෙන්නම ඕන..
ඒත් මේ කියන්න යන්නේ හිතපුවත් නැති මොහොතක වෙලා තියන දෙයක්...
ඒ කතාව ඇහෙන්නේ දකුණු කොරියාවෙන්... දකුණු කොරියාවේ පාසල් 24 ක සිදුවූ ආහාර විෂවීමකින් සිසුන් ඇතුලු කාර්යමණ්ඩලය දහසකට අධික පිරිසක් රෝහල් ගත කර තිබෙනවා..
එරට ප්‍රසිද්ධ ආහාර වර්ගයක් වන කිම්චි එම පාසල්වල දිවා ආහාරය සඳහා ලබාදී තිබූ අතර, ඒ අනුව ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔවුන් රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ..
පාසල් සිසුන් ඇතුලු 1,024 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, වමනය, පාචනය සහ උදරාබාධ යන රෝග ලක්ෂණවලින් ඔවුන් පෙළෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා..