Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
06
නිළියන්ට,නිරූපිකාවන්ට ඉහල මිලක් ලැබෙන එපාර්ට්මන්ට්වල රහසිගතව සිදුවන " පාටි සෙල්ලම"

- නිළියන්ට,නිරූපිකාවන්ට ඉහල මිලක් ලැබෙන එපාර්ට්මන්ට්වල රහසිගතව සිදුවන " පාටි සෙල්ලම"Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
නිළියන්, මෝස්තර නිරූපිකාවන් ඉහළ මිලකට නොඑසේ නම් සුපිරි මිලකට අලෙවි වෙමින් තිබියදී සුපිරි ජීවිත ගත කරන ඉහළ සමාජය, ඉහළ මහල්වල හොර රහසේ දමන “සුපිරි පාටි” දැන් සුලබය. 

මේවා එළියට නොඑන්නේ රහසිගතව මෙම “එපාර්ට්මන්ට් සෙල්ලම” සිදු කරන බැවිනි. ප්‍රධාන නිළිය පමණක් නොව ඇතැම් ප්‍රසිද්ධ නිළියන්, ප්‍රසිද්ධ ‘ටික්ටොක්’ නිළියන් මෙන්ම අප්‍රසිද්ධ තරුණියන් මෙම සුපිරි සෙල්ලමේ නිරත වන අයුරු සෙවීම ලියුම්කරුගේ ගමනේ අරමුණ විය.
“අපිට ගොඩක් කතා කරන්නේ තරුණ කොල්ලෝ. කාලා බීලා අපිත් එක්ක ෆන් එකක් ගන්න තමයි එයාලට ඕනේ. ඉතින් අපි ගාව ඉන්න ගැහැනු ළමයින්ගේ ෆොටෝ අපි එයාලට WhatsApp කරනවා. සමහර වෙලාවට අපි අපේ අයගේ ෆොටෝ දහයක් පහළොවක් විතර යවනවා. එක එක තාලේ අය අපි ගාව ඉන්නවා. ඉතින් එතැනින් කැමැති අයව තමයි ඔවුන් අපිට තෝරලා එවන්නේ” මෙසේ කීවේ කොළඹ ‘ක්ලබ් කෙල්ලෙකි.’
ඇය කොළඹ ප්‍රසිද්ධ රාත්‍රි සමාජ ශාලාවක නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන්නියකි. තවත් විටෙක ඇය සමාජ මාධ්‍යයේ සැරිසරන මෝස්තර නිරූපිකාවකි. තවත් විටෙක ඇය ඇයගේ ‘සිහින’ වෙනුවෙන් නොහඳුනන පිරිමින් අතර අලෙවි වන්නීය.
“මගේ ගෙවල් රාජගිරියේ. මට දැන් අවුරුදු විසිඅටක්. ඉස්සර අපි ඩාන්සින් ඉවෙන්ට් වැඩ එහෙම කළා. සංගීත සංදර්ශන වෙඩින්වල වගේ ඉවෙන්ට්වල අපි නැටුවා. ඒත් දැන් අපිට වැඩ අඩුයි. එනිසා මම ක්ලබ් එකක නටන්න යනවා. අපිට දවසේ පඩියක් තමයි හම්බ වෙන්නේ. ඒක අපිට ජීවත් වෙන්න මදි. සමහර දවස්වලට අපි අසනීප වුණාට පස්සේ මේ රස්සාව අපිට කරගන්න බැරි වෙනවා. මොකද අපි නිදිමරනවා වැඩියි. ඒ අස්සේ අපිට බොන්නත් සිද්ධ වෙනවා. අපේ මැනේජර්ලා අපිට කියන්නේ පුළුවන් තරම් බොන්න කියලා. ඒ කියන්නේ ක්ලබ් එකට එන ‘කස්ටමර්’ බොන විදිහට තමයි ක්ලබ් එකට ආදායම එන්නේ. ඉතින් ඒ එන කෙනත් එක්ක අපිටත් බොන්න සිද්ධ වෙනවා. අපි කෙල්ලෝ නිසා අපිට එහෙම ලොකුවට බොන්න බැහැ. බිව්වත් අපිට හරි අමාරුයි පහුවදාට. ඉතින් අපි පහුවදාට ගෙදර ගිහිල්ලා දවසම නිදා ගන්නවා.” රාත්‍රි සමාජ ශාලාවක රඟන ක්ලබ් කෙල්ලකු සිය ජීවිතය ගැන අපට එලෙස පැවැසුවාය.
“ඉතින් මේ ක්ලබ් රස්සාවත් අපිට හැමදාම කරන්න බැහැ”
ඇය පාටි කතාවට අවතීර්ණ වූවාය.
“දැන් ගොඩක් තැන්වල ‘පාටි’ දානවා. මේ ‘පාටි’ කියන්නේ වෙනම දෙයක්. ළඟම ඉන්න හතර පස් දෙනෙක් නැති නම් කුඩා පිරිසක් එක් වෙනවා. මේකට වයස් සීමාවක් නැහැ. අපිට කතා කරන්නේ ගොඩක් තරුණ අය. මැදි වයසේ අයත් පාටි දානවා. ඒත් ගොඩක්ම තරුණ කොල්ලෝ, නැත්තන් අපි හා සම වයස්වල අයගේ වැඩ තමයි අපිට ගොඩක් එන්නෙ. එයාලා අපෙන් අහන්නේ “අපේ ගෑනු ළමයින් බොනවද” කියලයි. බීලා එයාලත් එක්ක නටන්න ඕනේ. එයාලව ඒ අතර සිප ගන්නත් ඕනේ. සමහර වෙලාවට අපේ කෙල්ලො ඉන්නවා ‘ඩාන්සින් ටැබ්ලට්’ ගන්න. අපි ඒවට කියනවා ‘පිල් පාටි’ කියලා.
ඒ ‘පෙත්තක්’ ගැහුවට පස්සේ අපේ කෙල්ලො හොඳට නටනවා. කොල්ලොත් එහෙමයි. අපේ කෙල්ලොත් යන්නේ හොඳට විනෝද වෙන්න. අපේ අයත් ඒවට ඇබ්බැහි වෙලා ඉන්නේ. එයා අතින් අපේ කෙල්ලන්ට සල්ලිත් හම්බ වෙනවා. මම කරන්නේ එහෙම පාටිවලට කෙල්ලෝ හොයලා දෙන එක. හැබැයි මමත් ඒ වැඩේට යනවා. මටත් හොඳට බොන්න පුළුවන්. අපි අඩුම වශයෙන් එක කෙල්ලකුට රුපියල් දහ දාහක්වත් ඉල්ලනවා. ඒ වගේම තමයි අපි අදාළ පාටියට යන තැනට යන්න කුලී වාහනයට ඔවුන්ම ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ‘හයර්’ එකත් ගෙවන්න ඕනේ පාටිය දාන අයයි. නැත්නම් අපිට පාඩුයි. සමහර තැන්වලට යනකොට රුපියල් තුන් හාරදාහක් වාහනේටම යනවා.
අපි සාමාන්‍යයෙන් පාටියකට කලිනුත් ඔවුන් එක්ක ගනුදෙනු කරනවා. ඒ WhatsApp හරහා. දැන් අපිට ඔවුන්ව ආශ්‍රය කරලා තේරෙනවා ඔවුන් කරන්නේ බොරුවක්ද නැද්ද කියල. ඒ වගේම ඔවුන් බොහෝ විට සාමාන්‍ය හෝටල් කාමරයක් වෙන් කරනවා. ඒ හෝටල් කාමරේට තමයි අපි යන්නේ. නැත්නම් කොළඹ පැත්තෙ තියෙන එපාර්ට්මන්ට් එකකට තමයි අපි යන්නේ. ඒ සමහර එපාර්ට්මන්ට් ඒ පාටි දාන අයගෙමයි.
යාළුවෝ කණ්ඩායමක් ගිහිල්ලා එකට විනෝද වෙනවා වගේ වැඩක් මේක. ඒ හින්දා කවුරුත් සැක කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොල්ලෝ හතරක් නම් කෙල්ලොත් හතරක් විතර යනවා. අනික ඒ කාමරයට ගියාට පස්සේ කවුරුත් දන්නේ නෑ අපි මොකද කරන්නෙ කියලා”
ඇය මෙම පාටි සංස්කෘතිය ගැන තවදුරටත් මෙලෙස කීවාය.
“අපිට මේ දක්වා කිසිදු කරදරයක් වෙලා නැහැ. පාටියට එන කොල්ලෝ ටිකත් හොඳට විනෝද වෙනව. අපේ කෙල්ලෝ ටිකත් හොඳට විනෝද වෙනවා. අන්තිමට කන්න බොන්න දීලා අපිට සල්ලිත් දෙනවා. සමහර වෙලාවට වැඩිපුර ගාණකුත් ඔවුන් අපිට දෙනවා. ‘ක්ලබ්’ එකක මැරෙනවට වඩා මේ වැඩේ අපිට ඇත්තටම හොඳයි. ඒ නිසා අද අපේ ‘ක්ලබ්’ කෙල්ලො ගොඩක් කරන්නේ මේ ‘පාටි’ වැඩ.”
මෙම ‘පාටි’ සඳහා ලබා දෙන හෝටල් කාමර සහ සුපිරි මහල් නිවාස සම්බන්ධයෙන් අපි පසු විපරමක යෙදුණෙමු.
එහිදී අපට අනාවරණය වූයේ කොළඹ සේම කොළඹ තදාසන්න ප්‍රදේශ රැසක අද වන විට මෙවැනි රහසිගත සාද පැවැත්වීම සඳහා වෙන් වූ ස්ථාන ඇති බවයි.
ඇතැම් ස්ථාන සුපිරි නිවාසය. හිමිකරුවන් විදෙස්ගතව ඇති ඇතැම් නිවාස ඔවුන් කුලියට දී ඇති අතර එම කුලී නිවාසවල මෙම වැඩේ අද වන විට ජයටම කෙරෙන බව අපට වාර්තා විය.
එවැනි ස්ථානයක කාමරයක් පැය දහයක වැනි කාලයක් සඳහා රුපියල් විසිදහසක පමණ මුදලක් අය කරනවා.
සුපිරි මහල් නිවාසවල ගාස්තු මීට දෙගුණයකින් පමණ ඉහළයි. මේ සෑම කාමරයක්ම වායුසමනය කළ සුඛෝපභෝගී කාමර.
මෙම ‘පාටි’ සංස්කෘතිය බොහෝ වේලාවට ඇරඹෙන්නේ උදෑසන කාලයේ සිට රාත්‍රි කාලය දක්වාය. හොඳ මත්පැන් බෝතලයක් කඩා ඒ අතරට ගංජා, හෙරොයින්, කොකේන්, ඉන්ඩාන්සින් ටැබ්ලට් ආදී දෑද මිශ්‍ර කරමින් මත් වී වේග රිද්ම සංගීතයට නටා කුල්මත් වෙනවා. ඇතැමුන් වල්මත් වන අවස්ථාද තිබෙනවා.
තාවකාලික ආදරයක්, තාවකාලික මිත්‍රත්වයක් මෙම තරුණියන් සිය ගනුදෙනුකරුවන්ට ලබාදීම මෙහි ඇති සුවිශේෂී තත්ත්වයයි.
මේ විඳගැනීම සඳහා අද වන විට තරුණ කණ්ඩායම් රැසක් එක් රොක් වෙති. මේවා ඇත්තටම රහසිගත සාදය. එම නිසා කිසිදු තොරතුරක් හෝ මීට අදාළ ඡායාරූපයක් පවා නොගැනීමට දෙපාර්ශ්වය වග බලා ගනිති. පෞද්ගලිකත්වය උපරිමව ආරක්ෂා කරමින් සුපිරි වින්දනයක් ගන්නා ඔවුන් අධික මිල ගණන් සඳහා ගණිකා වෘත්තියද සිදු කරයි.
මෙය මෙරට තුළ ගොඩනැඟෙමින් පවතින සංස්කෘතික කාරණාවක් වෙමින් පවතී. මෙරට ආන්දෝලනාත්මක ඇතැම් මෝස්තර නිරූපිකාවන් පවා අද වන විට මුදල් සොයන එකම ක්‍රමය කරගෙන ඇත්තේ මෙයයි. රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් පිරිස් ඇතුළු නම් ප්‍රසිද්ධ බොහෝ දෙනෙක් මෙම සංස්කෘතියේ උරුමක්කාරයෝ වී සිටිති.
ළබාල දැරියන් කාම ආශා වෙනුවෙන් අලෙවි කරන ප්‍රසිද්ධ වෙබ් අඩවියක්ද මෙම පාටි සඳහා සුරූපිනියන් අලෙවි කරන බවටද තොරතුරු වාර්තා විය.
ළාබාල දැරියක් කාමාතුරයන් හට කිහිප අවස්ථාවකදීම අලෙවි කිරීමට අදාළව චෝදනා ලැබූ එම ‘වෙබ් අඩවිය’ පසුව තහනම් කළද මේ වන විට එය වෙනත් නමකින් අන්තර්ජාලයේ සැරිසරන බවටද අපට හෙළි විය.
මේ ආකාරයට විවිධ වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වෙළෙඳාම සිදුවේ.
“මුදල් හෝ වෙනත් ආර්ථික වටිනාකමින් යුත් දෑ හිමිකර ගැනීම උදෙසා හඳුනන හෝ නොහඳුනන පුද්ගලයකු සමඟ භාවාත්මක හැඟීමකින් තොරව, ලිංගික චර්යාවෙහි යෙදෙන්නිය ගණිකාව ලෙස ‘විල්සම් බෙන්ටම්’ විසින් හඳුන්වාදී තිබේ.”
මෙය ලොව ඉපැරණිතම වෘත්තීන් අතරින් එකකි. බුද්ධකාලීන භාරතයේ ජීවත් වූ අම්බපාලිය ගැනද අපි අසා ඇත්තෙමු. ඇයද සිය ඇඟ කාසි පනම්වලට විකුණා ඇත.
බොහෝමයක් රටවල ගණිකා වෘත්තිය නීතිගතය. සමාජ ප්‍රශ්නයක් ලෙස සලකමින් එය නීතිගත කර ඇත. ඇතැම් රටවල් ලිංගික ශ්‍රමිකයන් ලෙස එම වෘත්තිය නීතිගත කර තිබේ. නෙදර්ලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල ගණිකා වෘත්තිය මෙලෙස නීතිගත කර තිබේ. සවුදි අරාබිය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් කර ඇත.
මෙරට ගණිකා වෘත්තිය සම්බන්ධව පවතින නීතිමය තත්ත්වය දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තියෙන් දක්වා ඇත. එක් එක් කාලයන්හිදී පාර්ලිමේන්තුවේද මෙම වෘත්තිය ගැන විවිධ කතා පළ වේ.
නෛතික තත්ත්වය මෙසේ තිබුණද අද වන විට ගණිකා වෘත්තිය නොයෙකුත් විධි ක්‍රමයන් අනුව මෙරට තුළ ක්‍රියාත්මක වේ. කොටින්ම අද වන විට මෙම වෘත්තිය මෙරට තුළ ව්‍යාප්තව පවතී.
මීට දශකයකට පමණ ඉහතදී ‘ගණිකා මඩම්’ ලෙස ක්‍රියාත්මක වූ ගණිකා වෘත්තිය අද වන විට නවීකරණය වෙමින් විවිධ ආකාරයට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවත්නා බව පෙනී යයි.
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ක්‍රියාත්මක වන ගණිකා මධ්‍යස්ථාන ගැන ඕනෑ තරම් කතා ඇත. ර්ණීදතඪදඥ ක්‍රමයට නැතිනම් වෙබ් අඩවි ඔස්සේ සිය කාමුක ආශාවන් සඳහා කාන්තාවන් සොයා ගැනීමේ ක්‍රමද ඇත. මෙරට තුළ මෑත භාගයේ ක්‍රියාත්මක වන සුපිරි මහල් නිවාසවල සේම විවිධ තරු පන්තියේ සහ තරු පන්තියට නැති හෝටල් කාමර තුළ සිදු කෙරෙන ගණිකා වෘත්තිය අලුත් මාතෘකාවකි.
පාසල් වයස් සීමාවේ පසුවන්නන්ගේ සිට මැදි වයසේ නැතිනම් හැටපැන්න උදවිය පවා මෙම නව ආරේ කම් සැප විඳගැනීමේ ක්‍රමවලට නැඹුරු වී සිටිති. සුපිරි ව්‍යාපාරික පෙළැන්තියේ කෝටිපතියන් පමණක් නොව මධ්‍යම පාන්තික උදවියද මෙම සතුට සොයමින් සිටිති.
“පාටි සංස්කෘතිය”ට එක්වෙමින් මුදල් සොයන චිත්‍රපට නිළියකගේ කතාවක්ද මීට දින කිහිපයකට ඉහතදී කරළියට පැමිණියේය. දෙදාහ වර්ෂයේ මුල සිට වසර කිහිපයක් ‘වැඩිහිටියන්ට පමණයි‘ චිත්‍රපට හයකට පමණ සිය රංගන දායකත්වය ලබා දුන් මෙම චිත්‍රපට නිළිය මෙරට ධන කුවේරයන්ට මෙන්ම කම්සැප ඉල්ලන ඕනෑම අයකුගේ හිතවතුන්ට සුරූපී තරුණියන් මෙන්ම විවිධ වයස් සීමාවන්වල පසුවන කාන්තාවන් සැපයීමේ කටයුත්තක නිරත වීමක් ගැන මෙලෙස අසන්නට ලැබිණි.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය, මේ වන විට 48 හැවිරිදි වියෙහි පසුවන්නීය. චිත්‍රපට ක්‍ෂේත්‍රයෙන් ඇය දැනට ඉවත්ව සිටියත් වසර කිහිපයක සිට ඇය උපයා ගත් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ධනවතුන් ඇය වටා සිටින්නේ ඇය ඔවුන්ගේ කාමුක ආශාවන් හොර රහසේ එමෙන්ම ඔවුන්ගේ කීර්ති නාමයකට හෝ හානි නොවන ලෙස සිදු කිරීම නිසාය. ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඇයගෙන් මෙම සේවාව ලබා ගන්නා බව කියති.
ඇය දැන් සුරූපිනියක නොවේ. ඇයගේ පහස පතන පිරිස ඉතා අවමය. මේ ගැන ඇය තේරුම් ගෙන මෙම ව්‍යාපාරය නවමු ආකාරයකට ගෙන යයි.
ඇයගේ සේවාව වන්නේ කම්සැප ඉල්ලන අය වෙත ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියන් සහ චිත්‍රපටවල සිටින සුපිරි නිළියන් එසේම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ තරුණියන් වාගේම මෝස්තර නිරූපිකාවන් රහසිගත ස්ථාන වෙත කැඳවාගෙන ඒමය.
මැදි වයසේ පසුවන මෙම නිළිය ‘වැඩිහිටියන්ට පමණයි‘ චිත්‍රපටවල ප්‍රධාන නිළියගේ චරිතයට මීට වසර කිහිපයකට ඉහතදී පණපෙව්වද එම චිත්‍රපටවලට මේ වන විට වැඩි ඉල්ලුමක් නැති හෙයින් ඇය සිය ජනප්‍රියතාව පවත්වාගෙන යෑම සඳහා ‘යූ-ටියුබ්’ නාළිකාවල ඇතැම් විකට චරිතවලට පණපොවමින් සිටින බවද සඳහන් වේ.
නිළියක් බව සඳහන් කරමින් රැකියාව ලෙස ගණිකා ජාවාරම මෙහෙයවමින් සිටින බවද සඳහන් වේ.
ඇයගේ විශ්වාසය දිනාගත් මේ දිනවල ප්‍රසිද්ධ නිළියෝ රැසක් ඇය සමඟ සම්බන්ධ වෙමින් සුපිරි පෙළැන්තියේ පහස නිවා දැමීම සඳහා රහසිගත සාදවලට එක්වෙමින් සිටිති.
සුපිරි මහල් නිවාසවල මෙන්ම සුපිරි පන්තියේ තරු හෝටලවලටද ඔවුනට ඇරැයුම් ලැබෙන අවස්ථා ඇත. මෙහිදී එක් නිළියක් අලෙවි වන්නේ රුපියල් 35,000ක පමණ මුදලකටය. පැය හතරක පමණ කාලයක් සඳහා එම මුදල නියම වේ.
ඔවුන් සුපිරි පෙළැන්තියේ නිළියන් හෙයින් ඔවුන් සමඟ මෙම මුදලට මත්පැන් සහ වෙනත් විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් අදාළ තැනැත්තන්ට ඔවුන් සමඟ විනෝද විය හැකිය.
එම විනෝදයද මෙම ප්‍රධාන නිළිය විසින් කොටස් කිහිපයකට බෙදා ඇති අතර ඇය ළඟ සිටින සුරූපී නිළියන්ගෙන් සමහරක් නිරුවතින් නර්තනයේ යෙදීම සඳහා තවත් රුපියල් විසිදහසක පමණ මුදලක් අය කර ගනිති. එසේම අදාළ පුද්ගලයන් කැමැති ආකාරයකට ඔවුන් හා කාමුකව එක්වීම සඳහා තවත් වෙනම මුදලක් ඇය විසින් නියම කර ඇත. මේ ආකාරයට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් එක් සුරූපී නිළියකට වියදම් කිරීමට ගැනුම්කාර පාර්ශ්වයට සිදුවේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එක් නිළියක් පමණක් මේ සඳහා සහභාගි නොවීමය. එම නිළියගේ හෝ තරුණියගේ ආරක්ෂාව සඳහා මෙම ‘නිළි රැජන’ විසින් මේ උපක්‍රමය භාවිත කර ඇති අතර එහිදී නිළිය හෝ ඊට සහභාගි වන අනෙකුත් තරුණියන් දෙතුන් දෙනෙක්වත් අදාළ පාටියට සහභාගි කරවීමට ඇය වග බලාගනී.
මෙම සුපිරි නිළියන්ගේ පහස ලබාගන්නේ මෙරට ව්‍යාපාරිකයන් සහ ඉහළ පෙළැන්තියේ ප්‍රභූ පිරිස් වන අතර ඔවුන්ටද අවශ්‍ය වන්නේ ඉතා රහසිගත ඇසුරක් මොවුන් සමඟ පැය කිහිපයකට පවත්වා ගැනීම පමණි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන මෙම ‘නිළි රැජනිය’ විසින් සිය ගනුදෙනුකාර පාර්ශ්වකරුවන් සමඟ ‘වට්ස් ඇප්’ හා සම්බන්ධ වෙමින් ඇය සමඟ කටයුතු කරන නිළියන්ගේ, මෝස්තර නිරූපිකාවන්ගේ මෙන්ම සුරූපී තරුණියන්ගේ ඡායාරූප අදාළ පාර්ශ්ව වෙත ලබාදෙයි.
එහිදී ඔවුන් අදාළ තරුණියන් තෝරා ගන්නා අතර මෙම රහසිගත ස්ථාන වෙත ඔවුන් පිටත්ව යන්නේද ඔවුන්ගේ පෞද්ගලික රථවල නොව වෙනම කුලී රථවල නැඟීය.
නිළි රැජනිය මේ සඳහා යොදාගන්නා තරුණියන් විවිධ දක්ෂතාවලින් හෙබි අය වීමද විශේෂත්වයකි. මින් බහුතරයක් විවාහක කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් බහුතරයක්ද ඇතැම් පෞද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ රැකියාවල නිරත වන අය වීමද විශේෂත්වයකි.
සුපිරි පෙළැන්තියට සුපිරි වින්දනයක් ලබාදීමට සුපිරි තරුණියන් පිරිසක් මෙලෙස ඇය කාලයක සිට එකතුකර ගෙන ඇති ආකාරය මෙමඟින් ගම්‍ය වේ. ඉංග්‍රීසි භාෂාව හැසිරවීම, නර්තනය, දුම්පානය, අයිස්, කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය ආදී සියල්ලන්ගෙන්ම සපිරි තරුණියකට මෙහිදී හිමි වන්නේ විශේෂ මිලකි.
මින් බහුතරයක් මෙම ක්‍රියාවෙහි නිරත වන ප්‍රධාන හේතුව වන්නේ මුදල් සොයා ගැනීමය. නමුත් මීට කලෙකට ඉහත සේම දැනටත් ක්‍රියාත්මක වන ගණිකා මඩම් සේවාවෙහි සිටින ගණිකාවන්ට වඩා මෙම පිරිස වෙනස් වන්නේ මොවුන්ද අදාළ ගනුදෙනුකරුවන් සමඟ මිතුරන් සේ එක්ව ඉතා මිත්‍රශීලීව ඔවුන් සමඟ විනෝද වෙමින් කමින් බොමින් කාලය ගත කිරීම නිසාය. එක්තරා ආකාරයකට මෙම තරුණියන් මෙම ක්‍රියාව සිදු කරන්නේ හුදෙක් විනෝදයට බවද මින් පසක් වෙයි.
මෙය අසීමාන්තික විනෝදයකි. විනෝදයේ උපරිමයට අනුව මිලද උපරිම වේ.
රහසිගතව සුපිරි මහල් නිවාස, හෝටලවල සුපිරියට සිදු කෙරෙන මෙම සාද සංස්කෘතියේ කෙළවරක් අපට සිතා ගත නොහැකිය. නෛතික තත්ත්වයන් පවා අභියෝගයට ලක් කරමින් සූක්ෂ්ම ලෙස මෙවැනි ක්‍රියා අද සමාජයේ සුලබ කාරණාවක් වී ඇත්තේ මෙරට තුළ සිදුවෙමින් පවතින සංස්කෘතික විපර්යාසයට සමගාමීවය. ඒ නිසාම මේ සාද අද සාමාන්‍ය තත්ත්වයක් වී අවසානය.
චාමර අමරසූරිය

Desperados digitally connects apartments for 'epic house party'
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top