පොසොන් පෝය නිවාඩුවට හැමතැනම ඇවිදින්න යන ප්‍රමාණය අති විශාලයි.
ඉතින් එහෙම ඇවිදින්න යන අය වාහනවල යනවා නම් මෙන්න මේ පුවත වැදගත් වෙනවා.
පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
එලෙස නවතා තැබෙන වාහන පොලිස් නිලධාරීන් විසින් රියැදුරන් නොමැතිව ඉවත් කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එමෙන්ම, එලෙස ඉවත් කිරීමට කටයුතු කරන වාහන සඳහා පොලිස් නිලධාරීන්ට වැයවන මුදල් වාහනයේ රියැදුරුට හෝ හිමිකරුට ගෙවීමට සිදුවන බවද ඔහු පැවසුවා.
එමෙන්ම පොසොන් කලාපයන් පවතින ප්‍රදේශයන්වල රථ වාහන තදබදය ඇතිවීම වැළැක්වීම සඳහා 27,000කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සංඛ්‍යාවක් යොදවා ඇති බවත්, මීට අමතරව පොසොන් සමයේ රාජකාරි සඳහා 20,000කට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ද අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.