මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදරය කරන ප්‍රේක්ෂක ඔබට ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි..
එක පිට එක ලබන තරග පරාජයත් එක්කම ශ්‍රී ලංකා පිළට අද ලෝක කුසලාන බලාපොරොත්තු අහිමි වුණා.. ඒ එක්කම මෙවර ජාතික කණ්ඩායම එහි නායකත්වය වගේ කාරණා ගැන ගොඩක් දෙනෙක් කතා කළේ පරණ මතකත් අවදි කරමින්.. කොහොම වුණත්, මෙදා මේ ලබපු පරාජයත් එක්ක හිටපු නායකයෙන් ගැන මීට කලකට ඉහතදී මුහුණුපොතේ පළවුණ සටහනක් ආයෙත් දැකගන්න ලැබුණා.. මේ කතාව පුරාම කියවිලා තිබුණේ ක්‍රිකට් පිටියේ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ නායක දසුන් ශානක ගැනයි..
"කොල්ලව ගෙදර යවනකල් කට්ටියට තිබුනේ හරි හදිස්සියක්. අමාරුම කාලේ අමාරුම දෛවයක් එක්කයි Dasun Shanaka ශ්‍රී ලංකා ක්‍රිකට් තැනකට අරන් ආවේ. අපි ආයෙත් ක්‍රිකට්වලට ආදරය කරන්න ගත්තා විතරයි. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අමාරු කාලයක්. රසල් ආනල්ඩ් කමෙන්ට්‍රි බොක්ස් එකේ ඉඳන් අසරණව අඩනවා. ප්‍රේමදාස එක පිරුනේ හිමින් හිමින්. පල්ලේකැලේ පාළුවට ගිය දවස් තිබුණා.
ඒත් ටික ටික ක්‍රිකට් රස්නේ ආවා. දසුන් අලුත් නායකත්ව ගතිගුණ එක්ක හිමිහිට පිපීගෙන ආවා. සෙමෙන් නමුත් හොඳට. ටිකක් උඩට ගත්තට පස්සේ දස්සට දුන්නේ විසිවෙන්න. මේ ලංකාව කවදාවත් වීරයෝ බිහිකරන්නේ නෑ. එහෙම වෙන්නේ විරයෝ නැති නිසා නෙමෙයි. වීරයන්ට මේ පොළොවේ පැළවෙන්න දෙන්නේ නැති වල් ගස් ටිකක් තියෙනවා. හෙට අනිද්දට චමරිට වෙන්නෙත් ඒකයි. වාසනාවට චමරිලා පිපෙන්නේ රට ගස්වල. ඉතින් ඒ නිසාම, අපි හැමදාමත් දැවීගිය ජාතියක්. අමාරු කාල එනවා.
ඒ කාලවලදී ලේසි තීරණ ගන්න යන්න නරකයි. අමාරු කාලේ අමාරු තීරණ අරන් පසුවයි පහසුවෙන් ඉන්න ඕන. හාන්සිවෙලා තීරණ අරන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අද කතාකරන්න ඉතිරිවෙලා තියෙන්නේ පුරාවෘත්තයක් විතරයි. ඒත් ලෝකේ ක්‍රිකට් සජීවී උන්මාදයක්. චෙන්නායි සුපර් කින්ග්ස්වලදී මතීෂව දෝණිට හදන්න පුළුවන් වුණාට මෙහේ මතීෂව හදන්න කෙනෙක් නෑ. නායකයෝ බිහිවෙන්නේ සිලෙක්ෂන් කමිටුවලින් නෙමෙයි. නායකයෝ බිහිවෙන්නේ වෙනස් මිශ්‍රණයකින්. ඒක එහෙමම තමයි. මුබ්බායි ඉන්දියන් හී නායකත්වය හර්දික් පාන්ඩයට දීලා මේ පාර නීතා අම්බානි ඒක ලෝකෙටම කියලා දුන්නා. රෝහිත් ෂර්මා වගේ නායකයෙක් අත ළඟ ඉඳිද්දී උඩින් ගෙනත් පාන්ඩයව දැම්මා. අන්තිමට මුම්බායි ඉන්දියන්ස් අයි පී එල්වලින් මුළින්ම විසිවුණා. ඒක අපිත් හිතන්න ඕන. ආයේ දස්සව ගේන්න පුළුවන්ද බැරිද කියලා මම දන්නේ නෑ.
ඒත් ලංකාවේ ක්‍රිකට් ආයේ හදනවානම්, අමාරු තීරණ ගන්න වෙනවා. මේක නිකම්ම ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රිකට් කියන්නේ ජාතික රස වින්දනයක්. ඒ තීරණ ටික අද ගන්නේ නැත්නම්, අපිත් අතීත පුරාවෘත්තයක් රස විඳිමින් ලෝක ක්‍රිකට් දිහා බලාගෙන ඉමු. පරාජයන් ඉවසියි හැකියි. එහෙත් නිර්වස්තරවීම් ඉවසාගත නොහැකියි.
....සුජීව ප්‍රසන්න ආරච්චි..."
ඉතින් මේකතාව කියෙව්වාම ඔබට මොකද හිතුණේ... ආයේත් මුහුණු පොතේ මේ වගේ සටහන් දැකගන්න පුළුවන් වේවි... එතකොට අපි රටක් විදිහට ක්‍රිකට්වලින් තව අඩියක් පස්සට ගිහින්.. ඉතින් මේ කාගේ වරදක්ද..? වුණ වරද හදාගන්න තියන එකම පිලියම ක්‍රීඩකයින් මාරු කරන එකද..? මේ ඒ ගැන ලියවුණ තවත්ජ් එක සටහනක් විතරයි...

මුහුණුපොත ඇසුරෙන්..