පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාරට අයත් අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ මියගොස් තිබෙනවා.
තිහාරිය - කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති එම තරුණයා, අනතුර හේතුවෙන් දින 08ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවුණා.
කෙසේ වෙතත් ඔහුගේ මොළය මිය ගොස් ඇති බවට වෛද්‍යවරු විසින් තහවුරු කිරීමත් සමග ශානුකගේ වකුගඩු, අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට ඔහුගේ භාරකරුවන් කැමැත්ත පලකර තිබුණේ අනතුරට පෙර ඔහු අවයව දන්දීමට කැමැත්තක් ඇති බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන්.
ඒ අනුව එම තරුණයාගේ අවයව ඊයේ රාත්‍රී කාලය වන විට ඉවත්කර තිබු අතර තවත් ජීවිත තුනක් ජීවත්කරවීම සඳහා එම අවයව බද්ධකිරීම් සිදුකර ඇති බව සදහන්.