ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවත් වෙන ක්‍රීඩකයින් ලොව පුරාම ඉන්නේ අතලොස්සක්..
මේ කියන්න යන්නේ තවත් ඒ වගේම ආදරණීය ක්‍රීඩකයෙකු ගැන කතාවක්.. ඔහු නමින් රෝහිත් ශර්මා..
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් අතර නොමැකෙනෙ නමක් තබාගෙන ඇති ඔහු අද වෙනකොට ලෝකය පුරාම ජනපියයි.. ඉතින් මේ ඒ සුපිරි තරුව ගැන අහන්න ලැබුණ කතාවක්...
ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට පැමිණ තිබෙනවා..
රෝහිත් ෂර්මා සතු දේපළවලට අමතරව සුඛෝපභෝගී වාහන ඇතුළු කෝටි ගණනක වත්කම් තිබෙන අතරම, රෝහිත් ශර්මා ඉන්දීය පිලේ ක්‍රිකට් ආකෘති තුනේම නායකයාද වනවා.. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත්තුවේ රෝහිත් ඉහළම A+ ශ්‍රේණියට ශ්‍රේණිගත කර ඇති අතර, මෙම ශ්‍රේණියේ ක්‍රීඩකයින්ට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 7ක් ගෙවන බවයි වාර්තා වෙන්නේ..
මධ්‍යම කොන්ත්‍රාත්තුවට අමතරව ඉන්දීය ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට තරග ගාස්තු ද ලබාදෙනවා සේම, රෝහිත්ට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට ඉන්දීය රුපියල් ලක්ෂ 15ක්, එක්දින ක්‍රීඩා කිරීමට රුපියල් ලක්ෂ 6ක් සහ විස්සයි20 ක්‍රීඩා කිරීමට රුපියල් ලක්ෂ 3ක් තරගයෙන් තරගයට ගෙවනු ලබනවා..
අයිපීඑල් තරගාවලියේ සාර්ථකම නායකයා රෝහිත් ෂර්මා වන අතර, ඔහු මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් පස් වතාවක් කුසලානය දිනා තරගවාර 17කදී උපයා ඇති මුදල රුපියල් කෝටි 196ක්.. එය මෙරට මුදලින් ශ්‍රී ලංකා රුපියල් කෝටි 653ක් වෙනවා..
ඉන්දීය ක්‍රිකට් නායකයාගේ සන්නාම වටිනාකමද ඉතා ඉහළයි.. ඇඩිඩාස්, හිබ්ලොට්, ඕක්ලේ, සියැටි, නිසාන්, ඔපෝ, ලා ලිගා හා ඩ්‍රීම් ලෙවන් වැනි සන්නාම ප්‍රධානියකු ලෙස කෝටි ගණනින් මුදල් උපයා ගන්නා අතරම, ටයිම්ස් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්තිවලට අනුව, රෝහිත් ෂර්මා දැන්වීමක් සඳහා රුපියල් කෝටි පහක් අය කරයි.. ඔහු මුම්බායි හි ක්‍රිකට් කිංඩම් නමින් ක්‍රිකට් ඇකඩමියක් විවෘත කර තිබීමත් විශේෂිත වෙනවා..
ඇකඩමිය සිංගප්පූරුව, ජපානය, අමෙරිකාව සහ බංග්ලාදේශය වැනි රටවල ද ක්‍රියාත්මක වෙන අතර, රෝහිත් ෂර්මා ව්‍යවසායකයෙක් බවට පත්වෙමින් 2015 වසරේ Rapidobotics නම් සමාගමක ආයෝජනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.. 2021 වර්ෂයේදී ඔහු සෞඛ්‍ය සේවා ආයතනයක් වන Verots Wellness Solutions හි මුදල් ආයෝජනය කර තිබෙනවා..
රෝහිත් බිරිඳ රිතිකා සජ්දේ සහ දියණිය සමයිරා ෂර්මා සමඟ මුම්බායි අහුජා ටවර්ස් හි වර්ග අඩි 6000ක සුඛෝපභෝගී මහල් නිවාසයක වාසය කරනවා... මෙම නිවසට අරාබි මුහුදේ සහ මුම්බායි අහසෙහි විශ්මයජනක දර්ශන ලබා දෙන බව වාර්තා වෙනවා... මෙම නිවස රෝහිත් විසින් ඉන්දීය රුපියල් කෝටි 30කට මිලදී ගෙන ඇති අතර, ඔහුට වාහන එකතුවක් ඇති අතර, එක් ලැම්බෝගිනි රථයක වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3.15ක්..
රෝහිත් විසින් අඩු වරප්‍රසාද සහිත ළමුන් සඳහා පිළිකා ප්‍රතිකාර සඳහා ආධාර කරමින් සිටින අතර, කොරෝනා අරමුදලට ඉන්දීය රුපියල් ලක්ෂ 80ක් පරිත්‍යාග කිරීමද විශේෂ කරුණක් වුණා.. රෝහිත් 2007 වසරේ සිය මංගල ක්‍රිකට් ගමන ආරම්භ කළ අතර, 2021 වසරේ ඉන්දීය කණ්ඩායමේ නායකයා බවට පත්ව තිබුණා..

දිනමිණ පුවත්පත ඇසුරෙන්....