මේ තරගකාරී සමාගම් ගැන ලෝකයේ බොහෝ දෙනෙක් ඉන්නේ අවධානයෙන්..
ඉතින් මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
කෘතිම බුද්ධිය, අද වෙනකොට ඒ ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඇත්තටම හරි උනන්දුවෙන්.. කවුරුත් ආදරය කරන ඇපල් නිශ්පාදන මේ කෘතිබ බුද්ධිය හරහා ඒ ගැන අලුත් වෙන්නයි යන්නේ.. මේ ඒ ගැන කතාවක්..
ඇපල් සමාගමේ මීළඟ දුරකථන මාදිලිය සඳහා කෘතිම බුද්ධියෙන් (AI) බළගැන්වෙන Chat GPT සේවාව ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා..
ඒ බව, ඊයේ (10) අමෙරිකාවේ කැලිෆෝනියා හි ඇපල් සමාගමේ මූලස්ථානයේ පැවති Developers Conferance හිදී නිවේදනය කරනු ලැබුවා..
එහිදී ඇපල් සමාගමේ ios මෙහෙයුම් මෘදුකාංගයේ ඇතුලත් 'Siri' යෙදවුම හරහා කෙටි පණිවුඩ, ඊ-මේල් පණිඩුව සහ මෙතෙක් ඇතුළත්ව නොතිබූ තුන්වැනි පාර්ශ්වයේ දුරකථන යෙදවුම් සඳහාද ක්‍රියාත්මක වීමේ හැකියාව එමඟින් ලබා දෙන බවයි එම සමාගම සඳහන් කරන්නේ..
ඒ අනුව, කෘතිම බුද්ධිය මගින් ඊමේල් පණිවුඩ සඳහා සහ කෙටි පණිවුඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබෙන බවත් එම සමාගම පවසනවා..
කෙසේ වෙතත්, සුප්‍රකට බී.බී.සී. පුවත් සේවය වාර්තා කර ඇත්තේ, ඇපල් සමාගම විසින් කෘතිම බුද්ධිය තම ජංගම දුරකථන සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ටෙස්ලා සහ 'X' හි හිමිකරු වන ඉලොන් මස්ක් විසින් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි..
එහිදී ඔහු විසින් දත්තවල ආරක්ෂාවට ඔහුගේ සමාගම්වලින් අයිෆෝන් භාවිතා කිරීම නවතා දමන බවට අනතුරු අඟවා ඇති බවයි එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ..
"ඔවුන් ඔබේ දත්ත OpenAI වෙත භාර දුන් පසු ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්දැයි Apple සමාගමට කිසිදු අදහසක් නැත" යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා..
එමෙන්ම, ස්මාර්ට්ෆෝන් නිෂ්පාදක සැම්සුන් සමාගමද සිය ප්‍රතිවාදියා වන ඇපල් සමාගමේ මෙම නිවේදනය 'X' පණිඩවුඩයක් ඔස්සේ සමච්චලයට ලක්කර තිබෙනවා..
එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ, "ඇපල් සමාගම මෙම පහසුකම එකතු කිරීමෙන් එය අලුත් හෝ නව පෙරළියක් සිදු නොවේ. AI වෙත සාදරයෙන් පිළිගනිමු" යනුවෙනුයි..
.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඇපල් සමාගම මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ..