ඊයේ (10) සිදු වූ ගුවන් අනතුරකින් මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝ චිලීමා සහ තවත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව අද මලාවි රාජ්‍ය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝ චිලීමා සහ තවත් 9 දෙනෙකු ගමන් කල ගුවන් යානය ඊයේ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ් වටසින් වාර්තා කළා.
දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් පසු අතුරුදන් වූ යානය චිකන්ගාවා වනාන්තරයේ තිබී සොයා ගන්නා ලද අතර, එහි සිටි සියලු දෙනාම මිය ගොස් ඇති බව මලාවි රාජ්‍ය ජනාධිපති ලේකම් කොලින් සම්බා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මලාවි ආරක්ෂක බළකායට අයත් මෙම ගුවන් යානය එරට අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.