මේ කියන්න යන්නෙත් තවත් අභිරහස් මරණයක් පිළිබඳ කතාවක්.. ඒ සිද්ධිය සිදුවුණේ කොහොමද..?
මේ කතාව ඇසූ මොහොතේ පටන් බොහෝ දෙනෙක්ට තිබුණේ අන්න ඒ ගැටලුවයි.. බත්තරමුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සැකකටයුතු මරණයක් සිදුව තිබෙනවා..
එම ලැගුම්හලේ සේවය කළ අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ..
අද උදෑසන 9ට පමණ මේ සම්බන්ධයෙන් තලංගම පොලිසියට තොරතුරක් ලැබුණු බවයි පොලිසිය පැවසුවේ..
ඒ අවට පදිංචිකරුවෙකු විසින් මේ බව දැක තොරතුර ලබා දී තිබෙන බවද වාර්තා වුණා..
වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනවා..