සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑමක් එල්ල කරමින්, මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක අද දහවල් පෘථිවියට එල්ල වුණා..
මේ පිළිබඳ අදහස් දක්වන නාසා ආයතනය පවසන්නේ,පසුගිය ජූනි 8 වැනි සෙනසුරාදා දිනයේ සූර්යයාගෙන් පිටතට නිකුත් වූ මධ්‍යම ප්‍රමාණයේ ගිනිදැල් මගින් හටගත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට ළඟා විය හැකි බවයි...
මෙමගින් ගුවන් නියමුවන් භාවිතා කරන අධිසංඛ්‍යාත තරංග, රේඩියෝ තරංග සහ GPS සේවාවන්ට බලපෑම් එල්ලවිය හැකි අතර, විශේෂයෙන්ම සන්නිවේදන චන්ද්‍රිකාවලට මෙමගින් දැඩි අවදානමක් පවතින බව සඳහන් වෙනවා..
තාරකා විද්‍යාඥයින් පවසන්නේ, සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය සෑම වසර 11කට පමණ වරක් උපරිමයට පැමිණෙන විට මෙම ප්‍රබල සූර්ය ගිනිදැල් පිටවීම සාමාන්‍යයෙන් සිදුවන බවයි... එමෙන්ම, මෑත කාලයේ සූර්යයාගෙන් නිකුත් වූ ප්‍රබල සූර්ය ගිනිදැල්වල බලපෑමෙන් SpaceX සමාගමට අයත් චන්ද්‍රිකා 40ක් පමණ විනාශ වී ඇතැයි ද වාර්තා වනවා..
එම සමාගම පවසන්නේ ඇතැම් චන්ද්‍රිකා දියත් කළ දිනට පසු දිනයේම ඇති වූ ඇතිවූ සූර්ය ගිනිදැල් හේතුවෙන් ඇති වූ චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමේන් එම චන්ද්‍රිකාවල සාමාන්‍ය වේගය 50%ක ප්‍රතිශතයකින් පමණ වේගවත් වී ඇති බවයි...
මෙවැනි හදිසි අවස්ථාවකදී චන්ද්‍රිකා ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදය ද ක්‍රියාත්මක කරගැනීම අපහසු බවයි එම සමාගමේ ඉංජිනේරුවරුන් පෙන්වා දී ඇතත්,2024 වසරේ මැයි මස වන විට පෘථිවි කක්ෂය වටා SpaceX සමාගම විසින් STARLINK චන්ද්‍රිකා 6,078 ක් පමණ ස්ථානගත කර ඇති බවයි වාර්තා වන්නේ..
කෙසේ වෙතත් අද ඇතිවන සූර්ය කුණාටු බලපෑම 2017 වසරින් පසු පෘථිවියට එල්ලවන ප්‍රබලම බලපෑම ලෙස ද සැලකෙනවා...
