පැවති ගංවතුර තත්වයත් එක්ක මේ දවස්වල මස්මාළු මිල ගණන් ඉතා ඉහල අගයක පවතිනවා...
ඒ අතර යම් යම් තැන්වල අඩුවට විකිණෙන කුකුළුමස් නැතුවාම නෙවෙයි...
ඒත් ඒවා ඇත්තටම සෞඛ්‍ය ආරක්ෂිතද..? මේ ඒ ගැන ඇසෙන කතාවක්..
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය අභිමුව ගංවතුරට හසු වී මියගිය කුකුළන් සුද්ද කර, පැකට් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා..
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ කුකුළු මස් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් ඉතා විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි..
මසට ඇති කරන කුකුළන් සුදු පැහැති වර්ණයක් ගන්නා බවත් මෙම කුකුළන් රතු පාටට හුරු වර්ණයක් ගන්නා බවයි මේ පිළිබඳව අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පවසන්නේ..
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කොපමණ උෂ්ණත්වයට තැම්බුවත් විෂබීජ මැරෙන්නේ නැති බවයි..
මේ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දෙන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ..