එදා රාත්‍රිය ඇයට ගොඩක් දුක්මුසු රාත්‍රියක්..
ඒ තමගේ සැමියා එදා රාතියේ විදෙස්ගත වුණ නිසා කිව්වොත් හරි..
ඒ දුක්මුසු කතාවත් එක්කම නොසිතූ නිමේශයක සිදුවන්නේ මහා අනතුරක්.. විදෙස් ගත වන සැමියා ගුවන් තොටුපළට ඇරලවා නිවස බලා එමින් සිටි කාන්තාවක් පැදවූ නවීන මෝටර් රථයක් බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා..
මෝටර් රථය කන්ටේනර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ...
කිරිබත්ගොඩ හුණුපිටිය පාරේ පළමු කිලෝ මීටර් කණුව අසල පදික මාරුව මත ඊයේ (10) රාත්‍රී 11.15ට පමණ අනතුර සිදු වුණා..
මෝටර් රථයේ වායු බැලූන ක්‍රියාත්මක වීම නිසා රිය පැදවූ කාන්තාව බේරී තිබෙන බවයි පොලිසිය පැවසුවේ..
මොටර් රථයේ පසුපස සිටි පුද්ගලයෙකු සුලු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කළේ සුවසැරිය ගිලන් රථයකින්...
මෝටර රථය කන්ටේනරයේ දකුණු පස ඉන්ධන ටැංකියේ ගැටී තිබුණා..
මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබෙන අතර එම රිය කටුනායක ගුවන් තොටුපළ සිට මාකොළ පිහිටි නිවස වෙත යන අතර තුරයි අනතුරට ලක්ව ඇත්තේ..
අනතුරට පත් කන්ටේනර රථයේ රියදුරා පලාගොස් තිබුණා... සිද්ධිය ගැන කිරිබත්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරනවා..