අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා..
ඒ එළඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක රාජකාරි සදහා පිට පළාත්වලින් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීමට වෙනුවෙන් පාසල් වසා දැමීමට තීරණය කර තිබුණා..
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසැල,වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,නිවත්තකචේතිය ජාතික පාසැල,සහිරා ජාතික පාසැල,විවේකානන්ද මහා විද්‍යාලය,දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය,මිහින්තලේ මහා විද්‍යාලය,මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය වසා තැබීමට නියමිතව පවතින පාසල් වෙනවා...