අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනූ රටක්.. ඒ විතරක් නෙවෙයි, සෑම පසුබෑමකදීම ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන් හැකියාවක් අපේ ක්‍රිකට් තරු සතුව පවතිනවා..
චමරි මේ කියන්නෙත් අන්න ඒ වගේ කතාවක් වෙන්න ඇති.. ක්‍රිකට් ක්‍රීඩාව ඉතා අවිනිශ්චිත ක්‍රීඩාවක් බවත්, තරග පැවැත්වෙන ඇතැම් දිනවලදී කණ්ඩායමට අවශ්‍ය දේ සිදු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසනවා..
දැනට අමෙරිකාවේ විස්සයි20 ලෝක කුසලානයට සහභාගීවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරි තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සියලු දෙනා සුබ පැතුම් එක්කළ යුතුව ඇතැයි ඇය මෙහිදී කියා සිටියා..
එසේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බවයි චමරි මෙහිදී කියා සිටියේ... එමෙන්ම කණ්ඩායම තුළ අසුබවාදී දේ කතා කිරීම සියලු ක්‍රීඩිකාවන්ට හා කාර්ය මණ්ඩලයට තහනම් කොට තිබීමත් සාර්ථකත්වයට හේතුවක් බව ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය පෙන්වා දුන්නා...
"කාන්තා ලෝක කුසලානයට පෙර අපට තරග 6ක් තිබෙනවා...
එයින් 5ක් දිනා ගත්තොත් සෘජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න පුඵවන්. අපට හොඳ යොවුන් ක්‍රීඩිකාවන් ඉන්නවා. විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, හර්ෂිතා, නිලක්ෂි පැහැදිලි අනාගතයක් ඇති ක්‍රීඩිකාවන්...පසුගිය වසර එකහමාරක කාලයකදී එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව පරාජය කළා. මේ තරගාවලියත් ඉතා හොඳින් අවසන් කිරීමට සූදානම්“ චමරි පැවැසූවා.. “පසුගිය විස්සයි20 ලෝක කුසලානයේදී අපට අවසන් පූර්ව වටයට එන්න බැරි වුණා.. මෙවර ලෝක කුසලානයට පෙර අපට තරග 12ක් තිබෙනවා.. කොදෙව්වන් සමඟ තරග 3ක්, අයර්ලන්තය සමඟ තරග 2ක් හා ආසියානු කුසලානයේදී තරග 7ක් ලෝක කුසලානයට පෙර තියෙනවා.. බංග්ලාදේශයේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන නිසා දඟ පන්දුවට තරමක් වාසි ලැබෙයි... අපේ දඟ පන්දු යැවීමේ අංශය හොඳයි.. පිතිකරණය තව ටිකක් දියුණු මට්ටමට ගෙන ආ යුතුයි. අපේ ක්‍රීඩිකාවන් හොඳ කැපවීමක් කරනවා"
තම කණ්ඩායමේ සාර්ථකත්වය ගැන චමරි මෙහිදී වැඩිදුරටත් කිව්වේ මෙන්න මෙහෙමයි..