20-20 ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් සහ උගන්ඩා කණ්ඩායම අතර පැවති තරගයෙන් අති විශිෂ්ට ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.
එම ජය වාර්තා රැසක් අලුත් කළ ජයග්‍රහනයක් වීම විශේෂත්වයක්.
කොදෙව්වන් කඩුළු 5කට ලකුණු 173ක් ලබා ගැනීමට සමත් වුණ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල උගන්ඩා කණ්ඩායම සියලු දෙනා දැවී ගොස් ලබා ගත්තේ ලකුණු 39ක් පමණයි.
එය ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නෙදර්ලන්තය ලකුණු 39කට දවා ගැනීමට සමත් වීමත් සමග ලෝක කුසලානයක අඩුම ලකුණු ප්‍රමාණයකින් දවාගත් කණ්ඩායම් අතර සම තත්වයට පත් වීමට හැකියාව ලැබුණා.
1 උගන්ඩා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 39කට දැවී යාමත් සමග 20-20 තරගයකදී කොදෙව්වන්ට එරෙහිව ඕනෑම කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය නම් වුණා.මීට පෙර කොදෙව්වන් හමුවේ අයර්ලන්තය ලකුණු 68කට දැවී ගියා.
එය පිරිමි T20I තරඟවලදී උගන්ඩාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වන අතර, ඔවුන්ගේ මීට පෙර ඇෆ්ගනිස්ථානයට එරෙහිව සියලු දෙනා දැවී ලකුණු 58ක් ලබා ගැනීම ඔවුන්ගේ අඩුම ලකුණු ලෙසයි සනිටුහන් වුණේ.
උගන්ඩාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිල ලැබූ 134 ජයග්‍රහණය පිරිමි විස්සයි20 තරගවල ලකුණු 100කට වැඩි පරතරයකින් ඔවුන් ලැබූ පළමු ජයග්‍රහණයයි. ඔවුන් මීට පෙර 2014 T20 ලෝක කුසලානයේදී පකිස්ථානයට එරෙහිව ලකුණු 84 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
2 බටහිර ඉන්දීය කොදෙව් පිලේ ලකුණු 134 ජයග්‍රහණය පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ ඕනෑම කණ්ඩායමක් ලැබූ දෙවැනි විශාලතම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා. 2007 දී ශ්‍රී ලංකාවට ලකුණු 172 ක දැවැන්තම ජයග්‍රහණය හිමි වූයේ, ඔවුන් කෙන්යාව කඩුලු 6 කට ලකුණු 260 ක් ආරක්ෂා කර ගනිමින් සිටියදී ලකුණු 88 කට දවාලීමෙන් අනතූරුවයි.
1 පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ කඩුලු 5ක් දවාගත් බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු පන්දු යවන්නා බවට අකේල් හොසේන් පත්වුණා. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිලේ හොඳම පන්දු යැවීම වූයේ 2014 වසරේ බංග්ලාදේශයට එරෙහිව සැමුවෙල් බද්‍රී විසින් ලකුණු 15කට කඩුලු 4ක් ලබා ගනිමින්.
පිරිමි විස්සයි20 තරගවලදී බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් කඩුලු 5ක් දවාගත් පළමු දඟ පන්දු යවන්නාද හොසේන්.
උගන්ඩා ඉනිමේ දැවී ගිය පිතිකරුවන් දස දෙනාම ලකුණු දහයකට වඩා අඩුවෙන් ලබා ගත් අතර, පිරිමි T20 ලෝක කුසලානයේ ඉනිමකදී පිතිකරුවන් දස දෙනාම තනි ඉලක්කමකට දැවී ගිය දෙවන අවස්ථාවයි. 2009 අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් එවන් වාර්තාවකට හිමිකම් කී පළමු කණ්ඩායම බවට පත් වුණා.ඒ ශ්‍රී ලංකාව හමුවේයි.
