ඉන්දුනීසියාවේදී සිව්දරු මවක් අතුරුදන් වී පසුදින අඩි 16ක් පමණ දිග පිඹුරෙකු විසින් සම්පූර්ණයෙන්ම ගිල දමා තිබියදී සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දුනීසියාවේ South Sulawesi පළාතෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවූ සිව්රු මවක්.
ඇය පසුගිය ජුනි 6 වැනිදා රාත්‍රියේ අතුරුදන් වී ඇති අතර පසුදා ඇයව සෙවීමේදී ඇගේ සැමියා වන නෝනිට “ඇයගේ බඩු බාහිරාදිය හමු වී තිබෙනවා.
එහිදී දැවැන්ත උදරයක් සහිත පිඹුරෙකු සොයාගෙන ඇති අතර පසුව ඔවුන් පිඹුරාගේ බඩ කපා මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝකයේ දිගම සර්පයා ලෙස සැලකෙන රෙටිකියුලේටඩ් පිඹුරා ඉන්දුනීසියාවට සහ අග්නිදිග ආසියාවේ අනෙකුත් ප්‍රදේශවලට ආවේණික වේ.
උගේ තියුණු වක්‍ර දත් නිසා ගොදුර සම්පූර්ණයෙන්ම ගිල දැමීමට පෙර එය මිරිකීමට ඉඩ සලසයි.