Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
09
" පුතා ඔයා ෆේල් වුණේ ගණන් නේ..ඔයා කැමති විෂයක් මේකේ කරගන්න කියලා කිව්වා'' ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් සිසුවෙක්

- " පුතා ඔයා ෆේල් වුණේ ගණන් නේ..ඔයා කැමති විෂයක් මේකේ කරගන්න කියලා කිව්වා'' ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් සිසුවෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55 Views

මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වුවද එතුළින් දරුවෙකු සාර්ථක ඉලක්කයක් කරා ළඟා කරවීමට අධ්‍යාපන බලධාරීන්ගේ නිවැරදි තීරණද හේතුවන බව නොරහසක්.

එලෙස විදුහල්පතිවරයෙකු විසින් ලබාදුන් අවස්ථාවක් උපයෝගී කර ගනිමින් ජීවිතයේ අධ්‍යාපන කඩඉමක් ඉහළින්ම සමත් වූ පාසැල් සිසුවෙකු පිළිබඳ බුත්තල යුදගනා ජනපදයෙන් වාර්තා වුණා.

පාසැල් දරු දැරියන්ට සිය ජීවිතයේ ඉදිරි ගමන තීරණය කෙරෙන කඩඉම් 3ක් මෙරට අධ්‍යාපන ක්‍රමවේදය තුළ පවතිනවා.

ඒ, ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගයයි.

මෙම විභාග කඩඉම් අතරින් උසස් පෙළ හැදෑරිමේදී සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය සමත් වීම අනිවාර්යය කරුණක්.

යුදගනා ජනපදයේ පදිංචි තිළිණ ධනංජය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ 2020 වසරේදී.

නමුත් තිළිණ එවර ගණිතය විෂයෙන් අසමත් වනවා.

ජෛව පද්ධති විෂය ධාරාවෙන් උසස් පෙළ හැදැරීමට දැඩි අධිෂ්ඨානයකින් පසුවූවත් ගණිතය විෂය අසමත් වීම හේතුවෙන් තිළිණට ඒ සිහිනයට ළඟාවීම සිහිනයක් බවට පත් වනවා.



කෙසේ වෙතත් සිය අධිෂ්ඨානය කෙසේ හෝ සඵල කර ගැනීමේ අරමුණින් පසු වූ තිළිණට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව බුත්තල පැල්වත්ත නවෝද්‍යා ජාතික පාසැලේ විදුහල්පති ඩබ්ලිව්. එම්. නන්දසේන ලබාදෙන්නේ ඔහුගේ අනාගත අපේක්ෂාවන්ට මඟ විවර කරමින් .

"මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තිබුණේ හයයි තුනයි...

ගණිතය ෆේල්...වටපිටාව ඉස්කෝල කීපයකට ගියා....

උසස් පෙළ ටෙක් කරන්න තමයි මගේ ආශාව තිබුණේ...

ඔය රිසල්ට් එකට ඔයාට ටෙක් කරන්න බෑ කියලා ඒ ඉස්කෝලේ මාව ප්‍රතික්ෂේප කළා...."

"...අන්තිමට ඕන දෙයක් වෙච්චාවේ කියලා මම පැල්වත්ත නවෝද්‍යා ඉස්කෝලෙට ආවා...."

ඒකේ විදුහල්පතිතුමා මුණ ගැහුණා... පුතා උ.ඹ පේල් වුණේ ගණන් නේ..ඒක උ.ඹේ ජීවිතයෙන් පේන්නේ නෑ...ඒක නිසා උ.ඹ කැමති විෂයක් මේකේ කරග.නින් කියලා කිව්වා.....

.හැබැයි ඒ ඉන්න ගමන් ගණිතය මට හිමීට පාස් කරලා දෙන්නත් කිව්වා...

ඒ වචන ටික මට මාර හයියක් වුණා...
හිතට ගැම්මක් ආවා...
මං ලොකු සර්ට පොරොන්දුවක් වුණා..
.සර් මම ගණිතය පාස් කරලා දෙනවා වගේම...උසස් පෙළත් හොඳට පාස් වෙලා සර්ගේ නම්බුව තියෙනවා කියලා... ඒ වෙලාවේ මම ලොකු සර්ට කිව්වා.
අද මට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් වුණා...."

ඒ අනුව, බුත්තල පැල්වත්ත නවෝද්‍ය ජාතික පාසැලෙන් ජෛව පද්ධති විෂය ධාරාව යටතේ අධ්‍යාපනය හැදැරූ තිළිණ පැමිණි ගමන් මග සුන්දර වූයේ නැහැ.

ඒ අනුව පසුගියදා නිකුත් වූ 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව තිළිණ ධනංජය ජෛව පද්ධති විෂය ධාරාව යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වෙනවා.

නිදහස් අධ්‍යාපනය නමට පමණක් සීමා නොකොට දරුවන්ට ඉදිරියට යෑමේදී අධ්‍යාපන බලධාරින් ගන්නා තීරණ කොතෙක් දුරට බලපානවාද යන්නට මෙය හොඳ නිදසුනක්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top