එතරම් කතාබහට ලක් නොවෙන එහෙත් විශේෂයෙන් අඹු – සැමි සැවොම දැනගත යුතු රෝගයක් ගැනයි මෙවර අවධාරණය.
මොකක්ද මේ රෝගය? එය විශේෂයෙන් ඇති වන්නේ කා අතරද?
මතුපිටින් නොපෙනුණත් අඹු – සැමියන් අතර තිබෙන එක්තරා මානසික රෝගී තත්ත්වයක් ගැනයි. එහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ කිසියම් දෙයකට නිතර සැකයක් ඇති කරගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් ඇතැමුන් තුළ සීමාව ඉක්මවා ගිය “සියලු දේටම සැක උපදවන තත්ත්වයක්” තියෙනවා. එය හොඳ තත්ත්වයක් නම් නෙවෙයි. විවාහයට පත් කාන්තාවන් තුළ මෙවැනි තත්ත්වයන් බහුලයි. පිරිමින් තුළත් එය අඩු – වැඩි වශයෙන් පවතිනවා. ඒ නිසා එය වටහා ගැනීම වැදගත් වන්නක්.
බොහෝ විට කාන්තාවන් තුළ ඇති වන මෙම අධිකව සැක කරන තත්ත්වය පාදකවන්නේ ලිංගික ඊර්ෂ්‍යාව නිසාය. එය Othello Syndrome ලෙස හඳුන්වනවා.
එය තවදුරටත් පැහැදිලි කරනවා නම් එය නිරපරාදේ තවකකු පිළිබඳව නිතර ඇති කරගන්නා සැක සහිත බව රෝගයක්. නමුත් එය රෝගයක් හැටියට බොහෝ අය සිතන්නේ නෑ. නමුත් කාලයක් ගත වෙද්දී නිසි වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් කළ විටදී එය රෝගයක්ම බව මේ අය හඳුනා ගන්නවා.
මෙය පුරුෂයන්ටත් වැදගත් වීමක්. පිරිමින් විවාහයට පෙර තම පෙම්වතිය පිළිබඳව ඇති කරගන්නා අධික සැක සහිත බව, නිසි පරිදි හඳුනා නොගන්නා නිසා විවාහයෙන් පසු පවුල් ජීවිත අවුල් කරගන්නා අය වැඩියි. ඒ නිසා තමන්ට තමන් අවංක අයකු නම් ඔබටත් එවැනි සීමාව ඉක්මවා ගිය සැකයක් නිරතුරුව ඇතිවේ නම් එය නිසි වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කර ගෙන රෝගී තත්ත්වයක් නම් ප්‍රතිකාර ගැනීම නුවණක්කාර වැඩක්.
ඒ නිසා ලිංගික ඊර්ෂ්‍යාව බරපතළ මානසික රෝගයක් බව ඔබ සිතට ගත යුත්තක්. නමුත් ඔබ නොදන්නවා වුණාට මීට ජානමය සම්බන්ධයකුත් තිබෙන බව වෛද්‍යවරු සොයාගෙන තිබෙනවා.
මෙය ඉතා විශේෂයි. තමන්ගෙ සහකාරයා හෝ සහකාරිය අන් අයකු සමඟ සබඳතාවක් පවත්වනවා ඇතිය යන සිතිවිල්ල නිරතුරුවම ජනිත වීම මෙම රෝගයේ බරපතළම තත්ත්වයයි. මෙය ඇතැමුන්ට එකවර ඇති නොවන තත්ත්වයක්. එය කාලයක් ගිය පසු ඇති වන්නකි. තමන්ගේ බිරිය ගමනක් ගොස් ආ පසු ඇයට හොරෙන් ඇයගේ යට ඇඳුම් පවා විමසා බලන, සුවඳ පවා ආඝ්‍රාණය කර බලන මෙම රෝගී තත්ත්වයට පත් පිරිමින් ඕනෑ තරම්. ඒ සඳහා එවැන්නන් විවිධ හේතු සිතින් මවා ගන්නත් පෙලඹෙනවා. බොහෝ විට මේවා සිතැඟි පමණයි. මනෝ විකාර පමණයි. සැක සිතන්නවත් කිසිවක් නැති දේවල්.
අඹු සැමියන් අතර තිබෙන මෙම සැක සහිත මනෝභාවයන් නිසා යන එන තැන්, ඇසුරු කරන අය පවා, සේවා ස්ථානයේ තත්ත්වයන් පවා සැක කරන්න සිතෙන හැම තැනම සැක කරමින් පහර දෙන, දරුණු විධියට හැසිරෙන පුද්ගලයන් බොහෝමයි.
නමුත් අසීමිත ලෙස සැක කරන “ඔතෙලෝ” නම් මෙකී රෝගී තත්ත්වය හැදුණොත් එක්වරම සුව වෙන්නෙත් නැහැ. නමුත් නිසි වෛද්‍ය උපදෙස් නම් ගත යුතුමයි. එවැනි නිසි ප්‍රතිකාරවලින් රෝගය බොහෝ දුරට පාලනය කරගන්නට පුළුවන් තරමට වෛද්‍ය විද්‍යාව අද දියුණුයි.
ඒ නිසා ඔබට කිසියම් හෝ රෝගී තත්ත්වයක් ඇති බව හැඟෙන – දැනෙන අය සිටිනවා නම් ඔබ, ඔබටම අවංක වී ළඟම තියෙන රජයේ රෝහල වෙත ගොස් මේ ගැන හරියටම කියලා නිසි මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඔබට සහනයක් ලැබේවි.
රජයේ රෝහල්වල මේ සඳහා උපදෙස් ලබාගත හැකි පළපුරුදු වෛද්‍යවරු සිටිනවා. ඔබ පළමුව ඔබේ පවුලේ වෛද්‍යවරයාට මේ බව දන්වා ඒ හරහා අදාළ වෛද්‍යවරයා වෙතද යොමු විය හැකිය. ඒ බෙහෙත් නියමිත පරිදි නිසි මාත්‍රාවෙන්ම ගත යුතුයි. ඔබට නිසැක සුවය ලැබෙනවා සත්තයි.
(The Life Extervtion ඇසුරෙනි)
සුලක්ඛන ජයවර්ධන