Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
"දැන් මොකද කරන්නේ... මූ කොහේට හරි දාලා වාහනේ අරන් යමු" - රියැදුරා අවසන් ගමන් යවා වාහනය ඉස්සූ මහ මොළකරු අවුරුදු 2කට පසු තණමල්විල වාඩියකදී කොටුවෙයි....

- "දැන් මොකද කරන්නේ... මූ කොහේට හරි දාලා වාහනේ අරන් යමු" - රියැදුරා අවසන් ගමන් යවා වාහනය ඉස්සූ මහ මොළකරු අවුරුදු 2කට පසු තණමල්විල වාඩියකදී කොටුවෙයි....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views
අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම, ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සහ ඔවුන් අපරාධකරුවන් බවට තහවුරු කර ගැනීම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සම්බන්ධ කරන AMIS නමින් හැඳින්වෙන, සැකකරුවන් හඳුනා ගැනීමේ පද්ධතියක් කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ස්ථාපිත කර ඇත.

කිසියම් පොලිස් වසමකින් සැකකරුවකු අත්අඩංගුවට ගත් විගස ඔහුගේ නම, ගම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ඇඟිලි සලකුණු මෙම පද්ධතියට යොමු කිරීමෙන් ඔහු පොලිසියට අවශ්‍ය සැකකරුවකුද යන්නත් ඔහු ඊට පෙර කළ අපරාධ සම්බන්ධ තොරතුරුත් දැනහඳුනා ගැනීමට මෙමඟින් හැකිය. එම හඳුනා ගැනීම මත අදාළ පොලිසියට ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීමට හැකියාව ඇත.

ඉකුත්දා මෙවන් ක්‍රියාවක තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාද නිරත විය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස් ඝාතනයක් සිදුකර වසර දෙකක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි අපරාධකරුවකු නීතියේ රැහැනට හසුකර ගැනීමට තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට හැකි විය.

තණමල්විල කියූ පමණින් එම පොලිස් වසම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගංජා වගාව සම්බන්ධයෙනි. එම වසම තුළ ඇති ලඳු කැලෑවල නීති විරෝධී ලෙස වගා කර ඇති ගංජා හේන් සංඛ්‍යාවද අති විශාලය. පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය කොතෙක් වැටලීම් කර ගංජා ගස් තොග පිටින් ගිනි තබා විනාශ කළද ගංජා වගාව එම ප්‍රදේශ වලින් තුරන් වී නැත.

මෙම නීති විරෝධී වගාවන්වල වැඩි වශයෙන්ම නිරත වන්නේ විවිධ ප්‍රදේශවලින් තණමල්විලට සංක්‍රමණය වන පුද්ගලයන්ය. මේ නිසා පොලිසිය මෙම පුද්ගලයන් ගැන නිරතුරුව අවධානයෙන් පසුවන්නේය. ඒ ඉන් බොහෝමයක් විවිධ පොලිසිවලට අවශ්‍ය සැකකරුවන් වන නිසාය. ඔවුන් එම අදාළ පොලිස් වසම්වලින් මිදී යාල සහ ඒ අවට රක්‍ෂිතවල හේන් කොටාගෙන නීති විරෝධී වගාවන්වල නිරත වන බව පොලිසිය හොදාකාරවම දන්නේය.

“යුක්තිය” විශේෂිත මෙහෙයුමට සමගාමීව තණමල්විල පොලිසියද ගංජා හේන් 400කට අධික සංඛ්‍යාවක් වටලා එම හේන්වල පවත්වාගෙන යන ගංජා වගාවන් මුළුමනින්ම විනාශ කර දැමීය. එමෙන්ම ගංජා වගාවන්වල නිරත පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතියද ක්‍රියාත්මක කළේය. මෙම වැටලීම්වලදී පොලිසියට හසුවූ එවන් පුද්ගලයන් බොහොමයක් පිටස්තර වසම්වලින් තණමල්විලට පැමිණි අය බවත් විමර්ශනවලදී හෙළිවිය.

පොලිස්පතිවරයාගේ සංකල්පයක් මත විවිධ ප්‍රදේශවලින් මෙලෙස පැමිණෙන පුද්ගලයන් ඒ ඒ වසම්වල පොලිස් ස්ථානවල ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව තණමල්විල පොලිස් වසමට මෙලෙස තාවකාලිකව පැමිණෙන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ලියාපදිංචි කිරීම එම වසමේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අරඹා ඇත.

ඉකුත්දා යාල මායිමේ සහ ඒ අවට හේන් ගොවිතැනේ යෙදෙමින් වාඩිවල සහ පැල්වල රැඳී සිටින පුද්ගලයන් ලියාපදිංචි කිරීම තණමල්විල, නිකවැව, දෙමෝදර අවට ප්‍රදේශවල ක්‍රියාත්මක විය. එහිදී තාවකාලික පදිංචිකරුවන් රැසක් පොලිසියට කොටුවූ අතර ඔවුන්ගේ අනන්‍යතාව සහ ඔවුන් අපරාධකරුවන්දැයි හඳුනා ගැනීමට ඔවුන්ගේ තොරතුරු සහ ඇඟිලි සටහන් තණමල්විල පොලිසිය විසින් පොලිස් විශේෂ කාර්යාංශය, රාජ්‍ය බුද්ධි අංශය සහ පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවනු ලැබීය.

මෙම පුද්ගලයන් අතර අම්බලන්තොට, ලුණම පදිංචි පුද්ගලයකුද විය. ඔහු නිකවැව පිහිටි වගා භූමියක වාඩියක රැඳී සිටියේය. පොලිසිය ඔහු ගැන සැකකොට ඔහුගේ තොරතුරද අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවනු ලැබීය.

එලෙස යොමු කරනු ලැබූ තොරතුරුවලට අනුව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය තණමල්විල පොලිසිය වෙත දැනුම් දෙනු ලැබුවේ එම පුද්ගලයා ඉංගිරිය ප්‍රදේශයේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරුවකු වන බවය. වසර දෙකකට පෙර ඔහු එම මිනිස් ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ පුද්ගලයකු බව, අපරාධ වාර්තා කොට්ඨාසය වැඩිදුර වාර්තාවකින් තණමල්විල පොලිසියට දැනුම් දුන්නේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඉංගිරිය ප්‍රදේශයේ සිදුකළ මිනිස් ඝාතනය පමණක් නොව, දිවයින පුරා සිදුකළ තවත් අපරාධ 12ක තොරතුරු හෙළිකර ගැනීමට හැකිවිය. ඒ අනුව ඉංගිරිය ප්‍රදේශයේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයේ තොරතුරු එකිනෙක හෙළිදරව් වන්නේ මෙලෙසය.

ඒ ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 15 වැනිදාය. ඉංගිරිය පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකින් කියැවුණේ අත්පා ගැටගැසූ මළ සිරුරක් ඉංගිරිය කැටකැඩැල්ල බෑවුම් ප්‍රදේශයේ කුණු වළක් තුළ ඇති බවය. නිලධාරීන් වහා කැටකැඩැල්ල ප්‍රදේශය බලා පිටත්ව ගිය අතර එහිදී නිලධාරීන්ට දැකගත හැකි වූයේ දෙඅත්, දෙපා සහ මුඛයද ගැට ගසා තිබූ මළ සිරුරකි. මරා දැමූ පුද්ගලයාගේ මුඛයට පත්තර කොළද ඔබා තිබිණි. නිලධාරීන් සැක කළේ මොහු වෙනත් ප්‍රදේශයක මරා දමා කැටකැඩැල්ල කුණු වළට ගෙනවිත් දමන්නට ඇති බවය.

දින හතරකට පසු මියගිය පුද්ගලයා හඳුනා ගැනිණි. ඒ අනුව ඔහු මිනුවන්ගොඩ, ගල්ලොලුව හරස් පාරේ පදිංචිකරුවකු වන ලේකම්ලාගෙදර අශෝක බණ්ඩාර නමැත්තෙක් විය. ඔහුගේ බිරිය ඒ වන විට විදේශගතව සිටි අතර සිරුර හඳුනා ගනු ලැබුවේ ඔහුගේ 17 හැවිරිදි පුතා විසිනි.

අශෝක බණ්ඩාර සංචාරක ව්‍යාපාරයේ යෙදෙමින් කුලී රථ රියැදුරකු ලෙස සේවය කළ අයෙකි. ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ අතර පසුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද ඊට එක්විය.

නිලධාරීන් අශෝක බණ්ඩාරගේ පුතාගෙන් සහ සොහොයුරන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අනාවරණය වන්නේ  අශෝක සතුව ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් තිබූ බවකි. එමෙන්ම ඔහු සතුව ජංගම දුරකථනයක්ද ඇති බවට අනාවරණය වුවද එම දුරකථනයද අක්‍රියව තිබූ අතර ඔහු පැදවූ ටොයෝටා ප්‍රියස් රථයද අතුරුදන්ව තිබිණි. ඒ අනුව නිලධාරීන්ගේ සැකය වූයේ ප්‍රියස් රථය පැහැර ගැනීම සඳහා අශෝක බණ්ඩාර නමැත්තා මෙසේ අමානුෂික ලෙස ඝාතනය කරන්නට ඇති බවය.

ඉන් අනතුරව නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ මාර්ගයේ ඇති සී.සී.ටී.වී. කැමරා වෙතය.

දිගින් දිගටම මාර්ග දෙපස ඇති සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කරද්දී ටොයෝටා ප්‍රියස් රථයේ රූප සටහන් කැමරා කාච කිහිපයක සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ කළ දීර්ඝ විමර්ශනයේදී එම රථය නම්බපාන ප්‍රදේශයට පැමිණෙන අයුරුත්, ඉන් පසුව එම රථය ඉංගිරිය හරහා රත්නපුර දෙසට ධාවනය වන අයුරුත් නිලධාරීන්ට නිරීක්‍ෂණය විය. ඒ අනුව නිලධාරීන් සැක කළේ රියැදුරා මරා දැමීමෙන් අනතුරුව ඝාතකයන් එම ප්‍රියස් රථය රැගෙන රත්නපුර දෙසට පලා යන්නට ඇති බවය.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ ඊළඟ අවධානය යොමු වූයේ මරා දැමුණු අශෝක බණ්ඩාරගේ ජංගම දුරකථනය වෙතය. අධිකරණයට කරුණු වාර්තා කරමින් එම දුරකථන අංකයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගත් නිලධාරීන් ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී පෙනී ගියේ ඔහුගේ ජංගම දුරකථනයට අවසන් වරට එක්තරා කුලී රථ සමාගමකින් ‘හයර්’ එකක් ලැබී ඇති අයුරුය.

ඒ ඔස්සේ එම කුලී රථ සමාගම හඳුනා ගන්නා නිලධාරීන් එම ආයතනයේ නියෝජිතයකුගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී හෙළිවන්නේ 2023 දෙසැම්බර් මස 14 වැනිදා රියැදුරු අශෝක බණ්ඩාර   වෙත එම ආයතනයෙන් ඇඹිලිපිටිය  ප්‍රදේශයට හයර් එකක් ලබා දී ඇති අතර එය නිමා කිරීමෙන් පසු ඔහුට රත්නපුර ප්‍රදේශයට තවත් හයර් එකක් ලබා දී ඇති බවය. ඒ අනුව ඇඹිලිපිටියේ සිට රත්නපුරට ගිය අශෝක බණ්ඩාර එම කුලී ගමනට සම්බන්ධ පුද්ගලයන් හමු වී ඇති බව ආයතන නියෝජිතයා පොලිස් නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

“හරි අපිට අන්තිමට රත්නපුරේට හයර් එක බුක් කරපු කෙනා කතා කරපු ෆෝන් නොම්මරේ දෙන්න.”එලෙස කුලී රථ නියෝජිතයාගෙන් එම දුරකථන අංකය ලබාගත් නිලධාරීන් එම අංකයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන එය නිරීක්ෂණය කරද්දී හෙළි වන්නේ එම ඇමැතුම කුලී රථ ආයතනයට ලැබෙන්නේ අම්බලන්තොට, නෝනාගම, පිට්ටනියාය ප්‍රදේශයේ ඇති දුරකථන කුලුන හරහා බවය.

පසුව නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරසී නෝනාගම, පිට්ටනියාය ප්‍රදේශයට ගොස් තැන් තැන්වල රැඳෙමින් ආවේක්ෂණ රාජකාරියේ යෙදෙද්දී එක් නිලධාරියකුට අතුරුදන්ව තිබූ අශෝක බණ්ඩාරගේ ටොයෝටා ප්‍රියස් රථය වෙනත් පුද්ගලයකු විසින් මාර්ගයේ පදවාගෙන යන අයුරු දැකගන්නට ලැබී ඇත.

ඒ බව වහා ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට දැනුම් දීමෙන් පසු නිලධාරියා එම රථය පසුපස ගමන් කරමින් මාර්ගයේ ධාවනය වූ ප්‍රියස් රථය නතර කර, කරන ලද පරීක්ෂාවේදී එම රථය පදවාගෙන යන්නේ නාවික හමුදා සෙබළකු බවට හඳුනාගෙන ඇත.

පසුව ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසා ඇත්තේ ටොයෝටා ප්‍රියස් රථය කැබලිවලට කඩා විකිණීම සඳහා කොළඹට රැගෙන යන බවකි.

කෙසේ වෙතත් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී සැකකාර නාවික සෙබළා අශෝක බණ්ඩාර ඝාතනයේ සුලමුලද හෙළි කරන අතර ඔහුගේ ප්‍රකාශ මත තවත් යුද හමුදා සෙබළකු පිට්ටනියාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය.

පසුව හමුදා  සෙබළා සන්තකයේ තිබී මරා දැමුණු අශෝක බණ්ඩාරගේ ජංගම දුකථනයද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වූ අතර එය තවත් පුද්ගලයකුට රුපියල් දසදහසක මුදලකට උකස් කර තිබූ අතර ඔහුවද අත්අඩංගුවට ගැනිණි.

සැකකාර හමුදා සෙබළා ඒ වන විට යුද හමුදාවෙන් පලාවිත් කඩුවෙල ප්‍රදේශයේ කුලී වැඩක නිරතව සිට ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පැවැසුවේ අශෝක බණ්ඩාර ඝාතනයට තමා ඇතුළුව සිවු දෙනකු සම්බන්ධ වූ බවය. ඔහුගේ ප්‍රකාශය මත තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණු අතර ඒ සමඟම සිද්ධියට අදාළ මහමොළකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණි.

“අපි හතර දෙනාම එදා ආවේ කඩුවෙල පැත්තේ කුලී වැඩකට යන්න. බස් එකේ එද්දී අපි කතා වුණා හැමදාම කුලී වැඩ කරලා හරියන්නේ නැහැ. අලුත් අවුරුද්දකුත් ළඟ එනවා අතේ සල්ලිත් නැහැ. ඒ නිසා අද වැඩට යන එක අතහැරලා මොකක් හරි ‘ගේමක්’ ගහමු කියලා.හැමෝම ඒකට කැමැති වුණා. ඒ නිසා අපි රත්නපුරෙන් බැස්සා. අපි වාහනයක් උස්සලා ඒක මස් කරන තැනකට දෙමු කියන කොට එහෙම තැනක් දන්න කෙනකුත් එතැන හිටියා. එයා කිව්වා ‘මම ඒ වැඩේ කරලා දෙන්නම් මගේ යාළුවෙක් තමයි ඒවා කරන්නේ’ කියලා.
 
හරි  එහෙනම් වාහනයක් උස්සලා ඒක එතැනට දීලා දෙන අපි හතරදෙනා සල්ලි බෙදාගමු කිව්වා. පස්සේ අපි කුලියට වාහන දෙන කම්පැනියක ඇප් එකට කතා කරලා එයාපෝර්ට් යන්න කියලා වාහනයක් බුක් කළා. එතකොට තමයි ටොයෝටා ප්‍රියස් කියන ඔය කාර් එක ආවේ.

''අපි රත්නපුරෙන් කාර් එකට නැඟලා ගැලනිගම හයිවේ එකෙන් කටුනායකට දාමු කියලා තමයි ඩ්‍රයිවර් එක්ක කාර් එකේ ආවේ.”මෙලෙස අශෝක බණ්ඩාර පැදවූ ප්‍රියස් රථයට නැඟගත් සිවුදෙනා රත්නපුර හොරණ මාර්ගයේ ඉංගිරිය හරහා ගැලනිගම අධිවේගී මාර්ගයේ පිහිටි ඇතුළුවීමේ ‍ෙදාරටුව වෙත යන ලෙස පැවැසුවද ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ අශෝක මරා අතරමඟදී රථය පැහැර ගැනීමටය. මේ කිසිත් නොදත් අශෝක රථය කටුනායක දෙසට ධාවනය කරන්නට විය.

“මම ඇඹිලිපිටියට හයර් එකක් ආවා. එතකොට තමයි සර්ලගේ හයර් එක මට වැදුණේ. එහෙම නැත්නම් මට හිස් අතින්ම ගෙදර යන්නයි වෙන්නේ. හොඳ වෙලාවට සර්ලා හම්බ වුණේ. ඇයි සර්ලා එයාපෝර්ට් යන්නේ.!”අශෝක වාහනේ ගමන් ගත්තවුන්ගෙන් එලෙස විමසුවේ ඒ ඔහුට ලැබෙන අවසන් හයර් එක බව නොදැනය.’

“අපේ යාළුවෙක් රට ඉඳලා එනවා. එයාව එක්කගෙන එන්න යන්නේ.” රථයේ ඉදිරිපස ගමන් ගත් පුද්ගලයා එසේ කියමින් තමාට හදිසි අවශ්‍යතාවක් ඇති බවද රියැදුරාට දැන්වීය.

 
අශෝක වහා සිය රථයේ වේගය අඩුකොට එය මාර්ගයේ පාළු පෙදෙසක් බලා නතර කළේය. ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයා ශාරීරික අවශ්‍යතාව සඳහා රියෙන් බසිද්දී පසුපස අසුනේ සිටි අයකු එකවරම අශෝක වෙත කඩා පැන ඔහුගේ ගෙල සිර කරන්නට විය. මින් තැතිගත් අශෝක සිදුවන්නට යන්නේ කුමක්දැයි තේරුම් ගෙන ගෙල වටා එතුණු දෙඅත් ඉවතට ඇද රථයෙන් බැස දිවයන්නට විය. එහෙත් ඔහුට වැඩි දුරක් එලෙස දිවයන්නට නොහැකි විය. ඔහු පය පැටැලී ඇද වැටුණේය.

මාරාවේශයෙන් සිටි පිරිස වැටුණු අශෝකට බිම දමාගෙන පහරදෙන්නට වූහ. ඔවුන් සමඟ ගැටෙන්නට තරම් ශක්තියක් අශෝකට නොතිබිණි. පිරිස අශෝකට පහරදෙමින් ඔහුගේ ඇඳුම් පවා ගලවා දැමූම.
අතපයද බැඳ දැමීය. කෑ ගැසීමට නොහැකි වන ලෙස කටට පත්තර කැබැලිද එබූහ.

දිගින් දිගටම කළ පහරදීමත් සමඟ අශෝක අවසන් හුස්ම හෙළීය.

“දැන් මොකද කරන්නේ. මූ ඉවරයි. කොහේට හරි දාලා වාහනේ අරන් යමු.”සියල්ලෝම ඊට එකඟ වූහ. නාවික සෙබළා වාහනයේ සුක්කානම අතට ගත්තේය. ගෙල සිර කර මරා දැමූ අශෝකගේ සිරුර ප්‍රියස් රථයේ පිටුපස අසුනට දැමීය. මෝටර් රිය යළි නම්බපාන සිට ඉංගිරිය දෙසට ධාවනය කරනු ලැබීය.

“මූව කැටකැඩැල්ලේ කුණු වළ ළඟින් දාමු.”එකකු ගෙනා යෝජනාවට කවුරුත් කැමැති වූහ. රථය කැටකැඩැල්ල කුණු වළ අසල නතර විය. රථයේ රියැදුරා සිටිද්දී සෙසු තිදෙනා පිටුපස අසුනේ තිබූ අශෝක බණ්ඩාරගේ මළ සිරුර ඔසවා ගෙනැවිත් කුණු වළට දැමූහ. ඉන් අනතුරුව රථය හරවාගත් පිරිස රථය රැගෙන ගියේ රත්නපුර හරහා හම්බන්තොටටය.

එලෙස පැහැරගත් ටොයෝටා ප්‍රියස් රථය කැබලිවලට කඩා ‘මස්’කර විකිණීමට යද්දී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට මාට්ටු වූ අතර සිද්ධියට අදාළ පුද්ගලයන් සිවුදෙනාගෙන් තිදෙනකුම අත්අඩංගුවට ගැනීමටද එම ඒකකයට හැකි විය. එහෙත් එම සිද්ධියේ මහමොළකරු පොලිසියෙන් බේරී එතැනින් පැන ගත්තේය.

කාලයාගේ ඇවෑමෙන් පොලිස් ඒකකයටද ඔහු සම්බන්ධ මතකය ගිලිහී යන්නට ඇත. නැතහොත් ඔහු සොයා ගැනීමට ගත් උත්සාහයන් අපතේ යන්නටද ඇත. එහෙත් අපරාධයක් සිදුකළ පුද්ගලයකුට කිසිදා සැඟව සිටිය නොහැකි බවට කියමනක් ඇත. ඒ ඔහු කවදා කෙලෙසක කොතැනක හෝ පොලිසියට කොටුවන නිසාය. ඒ බව මනාව තහවුරු වන්නේ අහිංසක රියැදුරකු  ගෙල මිරිකා මරා ඔහුගේ සිරුර කුණු වළක දමා ඔහු සතු මෝටර් රිය පැහැර ගැනීමේ සිද්ධියේ මහමොළකරු වසර දෙකක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටියදී පසුගියදා තණමල්විල පොලිසියේ නිලධාරීන්ට ඔහු කොටු වීමත් සමඟය. වැඩිදුර විමර්ශන සඳහා ඔහු ඉංගිරිය පොලිසිය වෙත භාරදීමෙන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top