'දන්දිල' එහෙමත් නැත්නම් 'දම් අල' කියන්නෙ අපේ රටේ ඇතැම් ප්‍රදේශවල බහුලව හමුවන අතිශය රසවත් අල වර්ගයක්.
මේවායින් සාදාගත හැකි ආහාර වර්ග නම් බොහොමයක් තිබුණද ? සමහර අය නම් මේ නම අහලාවත් නැති තරම්..
ඉතින්, මේ ආහාර වර්ගය අල විදිහට වගේම, රසවත් කැඳ වර්ගයක් විදිහටත් හදා ගන්න පුළුවන්..
ඉතින්, රස වගේම ගුණයෙනුත් අනූන මේ රසවත් කැඳ හදාගන්නෙ කොහොමද කියලා කියන්නයි මේ අපි සූදානම් වෙන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය..
තම්බාගත් දම්පාට දන්දිල අල ග්‍රෑම් 100
පොල්කිරි අඬු කෝප්ප 1
කිතුල් හකුරු ග්‍රෑම් 100
කජු මද ග්‍රෑම් 50
වියලි මිදි ග්‍රෑම් 50
එනසාල් කරල් 2 යි
කරාබු නැටි 1 යි
කුඩා කුරුඳුපොතු කැබැල්ලක්
රසට අනුව ලුණු
සාදන ආකාරය..
තම්බාගත් අල වලට පොල් කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. කජු මද කුඩාවට කපා ගන්න. දැන් සුදුසු භාජනයක් ගෙන එයට බ්ලෙන්ඩර් කරගත් අල මිශ්‍රණය සහ අනෙකුත් සියලු කළමනා දමා මද ගින්දරේ හැඳිගාමින් පිසගන්න. උකු ගතිය වැඩිනම් අවශ්‍ය පදමට වතුර හෝ දියකිරි එකතු කර ගන්න.
