මේ කියන්න යන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් නැවත වතාවක් බියට පත්වෙන පුවත්ක් වෙන්නත් පුළුවන්..
මොකද මීට වසර කීපයකට ඉහතදී ලෝකයම බියට පත්කළ කොවොඩ් වෛරසයේ අඳුරු මතක තවමත් අපේ හිත් තුළ තියෙන නිසා කියලා කියන්න පුළුවන්.. කුරුළු උණ (H5N2) හේතුවෙන් ලොව වාර්තා වූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබෙනවා..
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන්කර සිටියේ කුරුළු උණ වැළඳී ඇති පූර්ව සෞඛ්‍ය සංකූලතා සහිත පුද්ගලයෙකු අප්‍රේල් මාසයේදී මෙක්සිකෝවේදී ජීවිතක්ෂයට පත් වූ බවයි..
මෙය ගෝලීය වශයෙන් වාර්තා වූ H5N2 කුරුළු උණ හෙවත් කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය පිළිබඳ රසායනාගාරයෙන් තහවුරු කරන ලද පළමු සිද්ධිය වන අතර මෙක්සිකෝවෙන් වාර්තා වූ පළමු අවස්ථාවද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ..
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 59ක් වන මෙක්සිකෝ ප්‍රාන්තයේ පදිංචි අයෙක්..
පසුගිය දිනෙක ඔහු මෙක්සිකෝ නගරයේ රෝහල ඇතුළත් කර ඇති අතර උණ, හුස්ම හිරවීම, පාචනය, ඔක්කාරය සහ සාමාන්‍ය අපහසුතාවයෙන් පසු අප්‍රේල් 24 වන දින මිය ගිය බවයි සෞඛ්‍ය සංවිධාන පවසන්නේ..