මහජනතාවට සහනදායී මිලට ක්‍රමවත්ව විදුලිය සැපයීම ගැන බොහෝ පාර්ශ්වවල අවදානය යොමු වී තිබුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..
විදුලි ගාස්තු අඩු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබෙනවා..
ඒ අනුව ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී සඳහන්කර සිටියේ..
ඒ අනුව
ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ( රුපියල් 02කින්)
30 - 60 අතර රුපියල් 20 සිට 9 දක්වා ( රුපියල් 11කින්)
ඒකක 60 - 90 රුපියල් 30 සිට 18 දක්වා (රුපියල් 12කින්)
ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා (රුපියල් 20කින්)
පහළ දැමීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ..