පසුගිය දිනවල පැවති ගංවතුර තත්වයත් එක්ක මාළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා..
පැවති අයහපත් කාලගුණය අභියස ධීවරයින්ට මුහුදු යෑමෙන් වැළකී සිටීම මෙම තත්වයට හේතුවයි..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දුන් දැනුම්දීම මත මත්ස්‍යය අස්වැන්න අඩු වී මිල ගණන් ඉහළ ගොස් ඇති බවට ධීවර ප්‍රජාව පවසනවා..
පාරිභෝගිකයින්ට මෙම මිල ගණන් දරා ගත නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ..
ගාල්ල ධීවර වරායේ ඊයේ බලයා 1kgක මිල සටහන් වූයේ 1300ක් ලෙසයි..
එමෙන් ම කෙලවල්ලා 1kgක මිල රුපියල් 1400ක් ලෙසින් දැක්වුණු අතර තෙලියා මිල සටහන් වූයේ රුපියල් 1300ක් ලෙසයි..