මහ මුහුදේ රළ සමග සටන් වැද ඔවුන් ජීව්ත බේරා ගැනීමේ අරගලයක් නිරත වෙන්නේ පැය කිහිපයක සිටයි..
කොහොම වුණත් ඒ කතාවේ අවසානය ඔවුන් සිතූ පරිදිම සිද්ධවෙලා.. මේ ඒ ගැන ඇසෙන කතාවයි..
පසුගිය දා උතුරු කොලොම්බියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී බෝට්ටුවක් පෙරළී අනතුරක් සිදුව තිබුණා..
රචීට් 21 නැමැති එම බෝට්ටුව අදාළ අනතුරට පත්වන විට එහි පුද්ගලයන් සිව් දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..
අදාළ බෝට්ටුව අනතුරට පත් වීමෙන් පසු ඉන් වෙරළෙහි වූ බලධාරින් වෙත දැනුම් දීමක් කර තිබූ අතර වහා ම ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා..
මුදා ගැනීමේ යාත්‍රා, අනතුරට පත් 'රචීට් 21 යාත්‍රාව' වෙත ළඟා වන විට එහි ගමන් ගත් පිරිස එම බෝට්ටුවේ බඳෙහි එල්ලී දිවි රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිට තිබෙනවා..
මුදා ගත් පිරිසේ සෞඛ්‍ය යහපත් තත්ත්වයක පැවතීම හේතුවෙන් ඔවුන් නැවතත් සිය නිවෙස් වෙත ගොස් තිබුණා..