ඔහුට දඬුවම් ලැබිය යුතුයි.. නීතියෙන් ඒ දරුවාට සාධාරණය ඉටුවේවිද..?
ගොඩක් දෙනෙක් කතා වුණේ අන්න ඒ ගැන... මේ කියන්න යන්නේ ඒ සිද්ධියට සම්බන්ධ අලුත්ම කතාව ගැනයි..
මෙලෙස පුංචි මල් කැකුළකට කළ දේ නිසා අද චමින්ද නැමැත්තාට අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නා..
සීනි අහුරක් සොරා කෑ බව පවසමින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කුකුල් චමින්ද නැමැති පුද්ගලයා ඇතුලු 05 දෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා..
ඒ පදවිය මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි..
ප්‍රධාන සැකකරුගේ බිරිද, අනියම් බිරිද, පලාගොස් සැඟව සිටියදී සැකකරුවන්ට නවාතැන් ලබා දුන් පුද්ගලයා සහ එම අවස්ථාවේ ආහාර ලබා දුන් වෙළදසැල් හිමියෙකු ද රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිසට අයත්..
