අද වෙනකොට වෙළඳපොලේ බොහෝ භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා...
ඒ නිසාම බොහෝ දෙනා මේ වගේ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයෙන් අද වෙනකොට ඈත් වෙලා..
ඒත් දැන් ඒවාගේ මිල අඩු කිරීමේ සූදානමක් පවතිනවාද..?
ඒ වගේමයි, තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට අනුමැතිය ලැබී තිබෙනවා..
2024-5-1 දින යෝජිත ස්වර්ගිකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද තෝරාගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගිකරණ සංකේනාංක 53කට අදාලව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇතැයි රජය පවසනවා..
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි මෙම පියවර ගෙන ඇත්තේ..
ඒ අනුව පියවර ගනිමින් මුං ඇට, කව්පි, කුරක්නන් සෝයා පිටි සහ රට කජු ආනයනය සඳහා වන ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායී කරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා..