මේ කියන්න යන්නේ මේ දිනවල ඔබ නොකළ යුතු දේවල් ලෙස සලකන දෙයක් කරන්නට ගිය තරුණ ජීවිතයකට අත්වූ ඛේදනීය ඉරණමක් ගැන කතාවයි..
ඔවුන් පවතින කාලගුණය නිසා ඇතිවූ දහසකුත් කරදර බාධක කිසිදු තැකීමකට ගත් පිරිසක් නොවේ... ඔවුන්ට මේ ඛේදනිය ඉරණම අත්වෙන්නටත් හේතුව වෙන්න ඇත්තේම එයමයි.. ගංවතුරේ සිරි නැරඹීමට බෝට්ටුවකින් ගිය තරුණයෙකුට විදුලි සැර වැදී මරණයට පත්ව තිබෙනවා..
තරුණයින් 20ක් පමණ රැගත් බෝට්ටුවක් පදවාගෙන ගිය තරුණයා අත තිබූ උණ ලියක් ඉහළට එසවීමේදී අධි බල විදුලි රැහැනක ගැවීමෙන් විදුලි සැර වැදී තිබෙනවා.. එහිදී තරුණයා විසි වී ගොස් වතුරට වැටී ඇති බවත් සෙසු තරුණයින් පිරිසටද විදුලි සැර වැදී ඇති බවත් පොලිසිය පවසනවා..
නමුත් සෙසු තරුණයින්ට බරපතල තත්ත්වයක් ඇති නොවූ බවයි පොලිසිය පවසන්නේ.. මේ සිදුවීම බුලත්සිංහල දිවල කඩ ප්‍රදේශයන් වාර්තා වූ බවයි බුලත් සිංහල සොලිසිය හිරු නිවුස් වෙත සැවසුවේ...
ඊයේ (03) සවස සිද්ධිය වාර්තා වූ අතර ඉන් මිය ගොස් ඇත්තේ බුලත්සිංහල, දිවලකඩ ප්‍රදේශයේ පදිංචි දමිත් කුමාර නැමැති තරුණයෙකු බවද පොලිසිය සඳහන් කළා... දමිත්ගේ මිතුරෙක් ඒ මොහොතේ ඒ සිදුවීම ගැන විස්තර කළේ මෙහෙමයි..
"අපේ බෝට්ටුවේ විසිදෙනෙක් පමණ සිටියා .අපි ගංවතුර බලන්න බෝට්ටුව පැදගෙන ගියා. දිග රිටක් ආධාරයෙන් තමයි බෝට්ටුව පදවාගෙන ගියේ. උදේ ඉඳලා බෝට්ටුව පද වපු කෙනාට අමාරුයි කියලා දමිත් බෝට්ටුව පදවපු රිට ඉල්ල ගත්තා. දමිත් ටික දුරක් රිට ඇන ඇන බෝට්ටුව පැදගෙන ගියා. එකවරම රිට උස්සනකොට අධිබලැති විදුලි රැහැනක වැදුනා ඒ එක්කම එකවරම දමිත්ව ගංවතුරට වැටුණා. මම වතුරට පැනලා දමිත්ව ගොඩ අරගෙන රෝහලට ගෙනාවා."