ඇත්තටම හතරයිටීස් කියන්නේ මේ තරම් භයානක රෝගයක්ද..? රෝගය ගැන හරියට දැනගත්තොත් සමහරක් විට ඔබට මේ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඕන වෙන එකක් නැහැ..
වර්තමාන සමාජයේ කාන්තා පිරිමි භේදයකින් තොරව විශේෂයෙන් කාන්තාවන් අතර බහුලව හටගන්නා රෝගී තත්වයක් ලෙස සන්ධිවාතය නොහොත් ආතරයිටිස් හැඳින්විය හැකියි..
සන්ධි ඇසුරුකර පවත්නා රෝග ගණනාවක් ඇතත් පොදුවේ මේවා සන්ධිවාතය හෙවෙත් ආතරයිටිස් නමින් හඳුන්වනු ලබනවා..
මේවා අතරින් වාත දෝෂය ප්‍රබල වූ වාතරක්ත අවස්ථාවක් වන ජරා වාතය (අකලට සන්ධි වයසට යෑම) නමින් හැඳින්වෙන ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ආයුර්වේද ග්‍රන්ථ ගතව එන ගාම්භීර වාත රක්තයේ එක් සන්ධි වාත රෝග අවස්ථාවක්..
වයස අවුරුදු 40, 45 පසුකරන කාන්තාවන් අතර බහුලව දැකිය හැකි ඔස්ටියෝ ආතරයිටිස් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන තත්වයක්... මෙම රෝග අවස්ථාවේදී සන්ධියේ අස්ථි කෙලවරයන්හි විකෘතිතා පමණක් නොව දණහිස වැනි විශාල සන්ධීන්ගේ වතුර පිරීමද ඇතිවිය හැකියි..
පොදුවේ ඕනෑම ආතරයිටිස් රෝගයක් ආරම්භ වී වසර ගණනාවක් ඉක්මවුවද බාහිරින් පෙනෙන තරමට සන්ධි විකෘති වීමකට ලක් නොවූයේ නම් එම රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර තුළින් ස්ථීර සුවයක් ලබාගත හැකියි..
නිවැරැදිව රෝග නිර්ණය කරන ලද ආතරයිටිස් රෝගයේදී අභ්‍යන්තර චිකිත්සාවට මෙන්ම බාහිර චිකිත්සාවටද ලැබෙනුයේ ප්‍රමුඛස්ථානයක්..
බාහිර චිකිත්සාව වශයෙන් තෙල් ගැල්වීම්, තැවිලි පොට්ටනි වලින් තැවීම්, පත්තු යෙදීම්, දුම් ඇල්ලීම් ආදිය භාවිතා කරයි. පූර්ණ සුවයක් ලැබීමටත්, වේදනාවෙන් අත්මිදීමටත් ඉන් මනා පිටිවහලක් ලැබෙනවා..
සන්ධිවාත රෝගීන්ට මූලික ප්‍රතිකාර ලබා දී රෝග තත්වයෙන් සහනයක් ලැබුණු පසු නැවතත් රෝගී තත්වයට ලක්වීමෙන් වැළකීමටත් ගෙවී ගිය පටක නැවත වර්ධනයටත් රසායන ඖෂධ ප්‍රතිකාරය නිර්දේශ කරනවා..
එමඟින් අකලට වයසට පත් වූ සන්ධි පටකයන්ට පුනර්ජීවනය ලබා දේ. ප්‍රමේහ ගජකේෂරී රසායනය, අමෘත ගර්කරාදී චූර්ණය මේ සඳහා නිදසුන් කිහිපයක්...
අනෙකුත් බෝ නොවන රෝග මෙන් ආතරයිටිස් ද වළක්වාගත හැකි රෝගයක්.. ඒ සඳහා නිවැරැදි ආහාරපාන සහ ඇවතුම් පැවතුම් රටාව ප්‍රගුණ කළ යුතුයි.. සෞඛ්‍යයට හානිකර කෑම බීම මෙන්ම අහිතකර හැසිරීම් රටාවන්ගෙන් දුරස් වීම වගේම කෘමිනාශක, වල්නාශක යෙදූ ආහාර, කෘතිම රසකාරක හා වර්ණ කාරක යෙදූ ක්ෂණික ආහාරවලින් මෙන්ම ලුණු, ඇඹුල් බහුල ආහාර ගැනීමෙන් ද වැළකිය යුතුයි..
කතුරුමුරුංගා, මුරුංගා කොළ, වට්ටක්කා දළු, තෝරකොළ, කටු එරබදු දළු වැනි පලා වර්ග ද පුහුල්, පිපිඤ්ඤා, කැකිරි වැනි එළවළු වර්ග ද නිතර ආහාරයට ගැනීමෙන් අස්ථිවලට අවශ්‍ය නිසි පෝෂණය ලැබනවා... එමෙන්ම සන්ධි තුළ රැඳෙන විෂ කොටස් පහසුවෙන් ඉවත් වී සන්ධි ආරක්ෂා කර දෙනවා..
තේ, කෝපි වෙනුවට ඉරමුසු, නීරමුල්ලිය, නෙල්ලි වැනි ඔසු පානයක් හෝ පැණි කොමඩු යුෂ, සීනි කැකිරි යුෂ වැනි පානයක් ගැනීමෙන්ද දැනට පානය කරන වතුර ප්‍රමාණයට අමතරව වතුර වීදුරු දෙක තුනක් වැඩිපුර පානය කිරීමෙන් ද සන්ධි තුළ පමණක් නොව ශරීරයේ විවිධ ඉන්ද්‍රියන්හි රැඳුණු විෂ සිරුරෙන් බැහැර කිරීමට පහසුවක් සැලසෙනවා..
ආතරයිටිස් රෝග වලින් වැළකීමට මෙන්ම එම රෝගයට ලක්වූවන්ට ද යෝගී ව්‍යායාම එකසේ ඵලදායකයි... අපිව කායිකව මෙන්ම මානසිකවද සුවපත් කිරීමට යෝගී ව්‍යායාම වලට හැකියාව පවතිනවා..
මුහුණුපොත ඇසුරෙන්..