මියගිය කාන්තාවක් ජීවත්ව සිටින බවට සඳහන් කරමින් ලියවිල්ලක් නිකුත් කළ ග්‍රාම නිළධාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වන කළුතර තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ රාජකාරි කරන ග්‍රාම නිළධාරීවරයෙක්.
අදාළ ග්‍රාම නිළධාරීවරයා වෙනත් වසමක රාජකාරි කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.
එම ලිපිය යොදා ගනිමින් කාන්තාවක් විසින් වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස්කර ගෙන ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීවරයා පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත්තේ ලිපිය නිකුත් කළ කාන්තාව තමා නොදන්නා අතර කුඩා දරුවන් දෙදෙනෙකු කැටුව පැමිණ ඉල්ලා සිටිමෙන් පසු ලිපිය නිකුත් කළ බවයි.