ගිනිගත්හේන ප්‍රදේශයේදී අතුරුදහන් වූ පාසල් සිසුවියන් දෙදෙනා පිළිබදව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
ඔහුන් දෙදෙනා පෙම්වතුන් සමග ගොස් ඇති බවටයි සැක පළ කරන්නේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඊයේ දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් ඔවුන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර තිබුණා.
අදාළ සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ තිබු අතර ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව පැමිණිල්ලේ සඳහන්,
ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවට අනාවරණය වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භ වීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් කිහිපදෙනෙකු දැක ඇති අතර, ඉන් මද වේලාවකට පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවත් සිදුකළ මුලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී ඇත.
අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.