ගෞතම් ගාම්භීර් ගැන ගොඩ දෙනෙක් දන්නේ ටිකක් නපුරු ඉක්මනින් කේන්ති යන පුද්ගලයෙක් විදිහට.
එයට උදාහරණ ඕනෑ තරම් අපිට ක්‍රිකට් ලෝකයේදී දැක ගන්න පුළුවන් වුණා.
ඔහු ප්‍රතිවාදී කණ්ඩායම් සමග පමණක් නොවෙයි තම කණ්ඩායමේ සාමාජිකයින් සමග පවා දැඩි උණුසුම් තත්වයන් ඇති කරගෙන තිබෙනවා.
මේ දිනවල ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරනු ලබනවා.
ඉතින් කොල්කටා කණ්ඩායමේ තරගයක් අතරතුර ප්‍රේක්ෂිකාවක් අපූරූ පුවරුවක් ඔසවාගෙන සිටින ආකාරය කැමරා කාචවල සටහන් වුණා.
එහි සටහන් වුණේ "ගම්බීර් සිනාසෙන තුරු මම මගේ ක්‍රෂ් එකට යෝජනා නොකරමි" යනුවෙනුයි.
එයට ප්‍රතිචාර ලෙස ගෞතම් ගාම්භීර් ඉන්ස්ටා ගිනුමේ ඔහු සිනාසෙමින් සිටන ඡායාරූපයක් පළ කරමින් " මෙන්න ඔබ යන්න " යනුවෙන් සටහනක් තබා තිබුණා.