ඔහු නිතරම ලෝකයේම අවදානය දිනා ගත්ත චරිතයක් වුණා..
ඒ ඔහුගේ ක්‍රියාවන් නිසා කියලා කියන්න පුළුවන්..
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට රුපියල් කෝටි 3කට අධික වත්කම් ඇති නමුත් ඉඩමක්, නිවාස හෝ මෝටර් රථ කිසිවක් නොමැති බව ඔහු සිය මැතිවරණ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබුණා..
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ නාමයෝජනා ඉදිරිපත් කළ අවස්තාවේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.. අගමැති මෝදි විසින් රුපියල් මිලියන 3.02 ක් වටිනා මුළු වත්කම් ප්‍රකාශ කර තිබුණා..
මෙහිදී ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ, ඔහුගේ අතේ ඇති මුළු මුදල රුපියල් 52,920 ක් වන අතර ගාන්ධිනගර් සහ වරනාසි හි බැංකු ගිණුම් දෙකක රුපියල් 80,304 ක් ඇති බවයි..