2024 විස්සයි 20 ලෝක කුසලාන උණුසුම දැන් දැන් ක්‍රීඩාලෝලීන්ට දැනෙන්න පටන් අරගෙන තිබෙන්නේ.
ඉතින් ඒ නිසාම ක්‍රිකට් ගැන තොරතුරුවලට ගොඩ දෙනෙක් කැමැත්තක් දක්වනවා.මේ කියන්න යන්නේ ඉන්දියානු ජාතික කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා කියන කතාවක් ගැන.ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී ඉතාමත් සංවේදී ලෙස අදහස් පළ කර තිබුණේ නායකයකු ලෙස තමන් ආ ගමන් මග ගැනයි.
"මම ඉන්දීය නායකයා ලෙස නම් වූ විට, මට අවශ්‍ය වූයේ සියලු දෙනාම කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කළ යුත්තේ කොහොමද කියන එක ගැන,එය කිසිවිටකත් පෞද්ගලික ඉලක්ක හෝ පෞද්ගලික වාර්තා අනුව සිදු කරන්න අවශ්‍ය වුණේ නැහැ.අපි 11 දෙනා කොහොමද එකට වැඩ කළ යුත්තේ කියන එක තරගයක් දිනන්න අපි මොනවද කරන්න ඕනි කියන දේ ගැන හිතුවා,
රෝහිත් තමා ජීවිතයේ මුහුණ දුන් අභියෝග ගැන ද අදහස් පළ කර තිබුණා, "මගේ ජීවිතයේ උඩු යටිකුරුවීම් වගේම කඩා ගෙන වැටීම් බොහෝ සිදු වුණා. මම මේ සිටින පුද්ගලයා බවට පත් වුණේ අතීතයේ දී මට සිදු වූ පසුබෑම් සහ කඩාගෙන වැටීම් නිසයි "