බලපත්‍රලාභී වානිජ බැංකු විසින් සිය දළ ණය පොලී අනුපාතිකය මේ වන විට සියයට 10 දක්වා පහත දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත.
ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් වාර්තා වී තිබුණි.
මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසිනි.