Ceylon Tea, එදත් අදත් ඒ නාමයට තියෙන්නේ විශේෂ තැනක්..
අපේ තේ නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබාදීමේ සූදානමක් පවතිනවා..
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ..
තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ඊයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා තිබුණා..
මේ අවස්තාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් එක්ව සිටියා..
බෝහෝ විදෙස් සංචාරකයින් අපේ තේ පානයට බොහෝ ප්‍රිය කරන නිසා මේවා ප්‍රචලිත කිරීමටත් එය හොඳ විධික්‍රමයක් වෙනවා..
මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පුද්ගලික අංශය විසින් දැරීමට නියමිතයි.. එසේම මේ වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලා මෙන්ම තේ වතු නැරඹීම පැමිණීමත් දැකගත හැකි සුලබ සිද්ධියක් වෙනවා..
