ඔබේ දරුවා ගැන ඇත්තටම ඔබ හිතනවාට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එක ආයේ ආයේත් මතක් කරන කතාවක් තමයි මේ කියන්න යන්නේ..
නිවසේ විදුලි ආරෝපණයට සම්බන්ධකර තිබූ ජංගම දුරකථනය ගැලවීමට ගොස් අද (13) පස්වරුවේ වයස අවුරුදු 5ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මුංහේන, මග්ගොන ,ලක්දිව් උද්‍යානයේ පදිංචිව සිටි දැරියක්..
මෙම දැරිය ඇතුළු එම පවුලේ දරුවන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් භාවිතා කරන බව කියන මෙම ජංගම දුරකථනය නිවසේ ප්ලග් එකකට සවිකර ආරෝපණය කර පසු එය ගැලවීමට යාමේදී විදුලිසැර වැදී තිබෙන බවත් මියගිය දරුවා නිවසේ සාලයේ වැටී තිබියදී වැඩිමහල් දරුවා දැක මවට පැවසීමෙන් පසු බේරුවල රෝහල වෙත යතුරුපැදියක ආධාරයෙන් රැගෙන විත් ඇති බවයි වාර්තා වෙන්නේ..
එහිදී දැරිය පරීක්ෂා කර වෛද්‍යවරුන් එම දැරිය මියගොස් ඇති බව සනාථ කර තිබෙනවා..
බේරුවල රෝහලේදී මියගිය දැරිය පරීක්ෂා කළ බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ..
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පයාගල පොලිසිය සහ කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් දැරිය පදිංචි නිවස පරීක්ෂා කිරීමට නියමිතයි..