ඉන්දීය ප්‍රිමිය ලීගයේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලේන්ජර්ස් බැන්ග්ලෝර් කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා.
මෙම තරගයේදී රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ Mohammed Siraj සහ Glenn Maxwell විවේක ගන්වා තිබෙනවා.
මේ අතරම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව රැස් කරන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
ඒ මෙවර තරගාවලියේ 30 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 287ක් වාර්තා කිරීමෙන් අනතුරුවයි.
මීට පෙර එම වාර්තාව තබා තිබුණේ ද හයිද්‍රාබාද් කණ්ඩායම විසින් වන අතර ඒ පසුගිය දා මුම්බායි කණ්ඩායමට එරෙහිව ලකුණු 277ක් වාර්තා කරමින්.
මේ අතර කණ්ඩායමක් විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තා කළ තුන් වැනි වැඩි ම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කර ඇත්තේ හයිද්‍රාබාද් කණ්ඩාම විසින් වන අතර ඒ ඉකුත් දා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 272 යි.
අද හයිද්‍රාබාද් කණ්ඩායම වාර්තා කළ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ විශාලම ලකුණු පුවරුවේ වාර්තාව හයිද්‍රාබාද් කණ්ඩායම ඉදිරියේ ලියැවෙන අතර එහි විශේෂත්වය වන්නේ මෙවර අයිපීඑල් තරග වාරයේ දී ම එම වාර්තා තුනම පිහිටු වීමයි.