ස්භාවික ආපදා තත්වයන් ගැන පුවත් නිරන්තරයෙන් අපිට අහන්න දකින්න ලැබෙනවා.
මේ කියන්න යන්නේ අද ඇති වූ භූමිකම්පාව සම්බන්ධ පුවතක් ගැන.
පැපුවා නිව්ගිනියාවට රිච්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බවට වාර්තා වෙනවා.
නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් හෝ හානියක් පිළිබඳ තවමත් වාර්තා වී නැහැ.
බටහිර නව බ්‍රිතාන්‍යයේ පළාත් අගනුවර වන කිම්බේට ගිනිකොන දෙසින් දකුණු පැසිෆික් දූපත් හී කිලෝමීටර් 68 (සැතපුම් 42)
ගැඹුරකදී භූමිකම්පාව වී තිබුණ බවට එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පැවසුවේ සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බවයි.
පැපුවා නිව්ගිනියාව පිහිටා ඇත්තේ පැසිෆික් "ගිනි වළල්ල" මත වන අතර එය ලෝකයේ භූමිකම්පා සහ ගිනිකඳු ක්‍රියාකාරකම් බොහොමයක් සිදුවන පැසිෆික් සාගරය වටා ඇති භූ කම්පන දෝෂ වල චාපයයි.