මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාව ගැන නිරන්තරයෙන් කතා බහ වෙන කාලයක්නේ.ඉතින් මේ කියන්න යන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ගැන ඇසෙන පුවතක් ගැන.
ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධ චෝදනාවකට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරුචිඩෝර් මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබෙනවා.2023 දෙසැම්බර් 5 සහ 2024 අප්‍රේල් 12 අතර විවිධ දිනවල ක්වීන්ස්ලන්ත සන්ෂයින් වෙරළ තීරයේ සිදු කළ බව කියන වැරදි සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා 19ක් එල්ල වී තිබෙනවා.නීති විරෝධී ලෙස ලුහුබැඳීම හෝ බිය ගැන්වීම, රාත්‍රියේ චේතනාවෙන් වාසස්ථානයකට කඩා වැදීම, සාමාන්‍ය පහරදීම, පහරදීම් අවස්ථාවන්හිදී ශාරීරික හානියක් සහ හුස්ම හිරවීම වැනි ගෘහස්ථ ප්රචණ්ඩත්වය එම චෝදනාවන් හී සඳහන් කර ඇති බවට මාධ්‍ය සඳහන් කරනවා .හිටපු ආරම්භක පිතිකරු සහ රූපවාහිනී විස්තර විචාරකයාට ඇප කඩ කිරීම සහ ගෘහස්ථ හිංසන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම ඇතුලු චෝදනා දහයක් ද එල්ල වී තිබෙනවා.1993 අළු බඳුන සංචාරයේදී සිය මංගල ගමන ආරම්භ කිරීමෙන් පසුව, ස්ලේටර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 74කට ක්‍රීඩා කළ අතර, ශතක 14ක් සමඟින් ලකුණු 5312ක සාමාන්‍ය 42.83ක් ලෙස රැස් ඇති ඔහු එක්දින තරග 42කට ද ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.ස්ලේටර් 2004 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර, සාර්ථක රූපවාහිනී විස්තර විචාර ජීවිතයක් ආරම්භ කර තිබුණා.