හැම කතාවක්ම අවසානයේ කියවෙන වීර චරිතයක් ඉන්නවා.. අපේ ජීවිත කතාව හැඩ කරන සදාතනික වීරවරිය තමයි අපේ අම්මා..
මේ කතාවත් එවන් අම්මා කෙනෙක් ගැනයි.. ඇය සිඩ්නි ඛේදවාචකය අවසානයේ නිසල වුණත්, ඇය මේ වෙද්දී ලෝකයක් ඉදිරියේ වීරවරියක්..
පෙරේදා සිඩ්නි නුවර වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම මධ්‍යයේ, මාරාන්තික තුවාල ලැබූ 38 හැවිරිදි මවක් සිය ළදරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා තුවාල ලැබූ තම මාස නවයක් වයසැති දරුවා ආගන්තුකයෙකුට භාර දුන් පුවතක් ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කරනවා..
ඈෂ්ලි ගුඩ් වන ඇය විසින් තම ළදරු දියණිය ආගන්තුකයෙකුට බාර කළ අතර අනතුරුව පිහි ඇනුම් කා සිටි ළදැරිය සහ ඇයගේ මව යන දෙදෙනා ම රෝහල වෙත ඇතුල් කර තිබෙනවා..
අනතුරුව දෙදෙනා ම ශල්‍යකර්මවලට භාජනය කර තිබුණත්, ළදැරියගේ මව අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගෙන තිබුණේ එම ම්ලේච්ච ප්‍රහාරයෙන් මිය ගිය සය වැන්නා බවට ඈෂ්ලි නම් වීර මව පත් කරමින්..
මෙම පුවත ඉතා කම්පනයෙන් යුතුව වාර්තා කරන ඔස්ට්‍රෙලියානු මාධ්‍ය ඈෂ්ලිගේ පවුලේ සමාජිකයෙකුගේ වචන උපුටා දක්වමින් සඳහන් කරන්නේ, ඈෂ්ලි යනු, "ලස්සන මවක්, දියණියක්, සහෝදරියක්, සහකාරියක්, මිතුරියක් සහ සෑම අතින්ම කැපී පෙනෙන මනුෂ්‍යයෙක්" ලෙසයි..
කෙසේ නමුත් මෙම අමානුෂික ඝාතනය සිදු කළ පුද්ගලයාගේ අනන්‍යතාව ලොවට අනාවරණය කළ ඔස්ට්‍රෙලියානු පොලිසිය පැවසුවේ, ඝාතකයා ජොයෙල් කැවුචි නැමති වයස අවුරුදු 30ක පුද්ගලයෙකු වන බවත් ඔහු වසර 13ක් මුලුල්ලේ මානසික ආබාධයකින් පෙලුණු අයෙක් බවයි..
