ඉරානය ඊයේ රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර පුවත මේ වෙද්දී ලෝකයක කතා බහට ලක් වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි.. මෙම ප්‍රහාර මාලාව හමුවේ එරට සිටින ශ්‍රී ලාංකිකයින් ගැන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා..
එසේම ඔහු ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමග ඩුබායි සිට ටෙල් අවීව් දක්වා පියාසර කරන ලද ගුවන් යානය සම්බන්ධයෙන්ද කරුණු පැහැදිළි කර තිබුණා..
එල්ලවන ප්‍රහාර හමුවේ, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ-1625 දරණ ගුවන් යානය ඊයේ රාත්‍රියේ 20.10ට මේ පිළිබඳ සැලවීමත් සමඟ නැවත්ත ඩුබායි බලා පියාසර කිරීමට තීරණය කර තිබෙන බවයි ඔහු පවසන්නේ..
මේ අනුව එම යානයේ සිටි ඊශ්‍රායලය බලා පැමිණීමට සිටි ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරමින් සිටින බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසා තිබුණා..
අප්‍රේල් මස 13 වනදා ශ්‍රී ලාංකිකයින් දෙදහසකගේ පමණ සහභාගීත්වයෙන් ජෙරුසලම් ශන්කර් ක්‍රීඩාංගණයේ උත්සවයක් පවත්වා ඇති බවත් ඉන් අනතුරුව ඔවුන් සිය වාසස්ථාන කරා ගොස් ඇති බවත් හෙතෙම මෙහිදි වැඩිදුරටත් පැවසුවා..