මතීෂ පතිරණ මේ දිනවල ඉන්නේ ඉන්දීය ප්‍රිමිය ලීගයට එකතු වෙලා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ දක්ෂතා දක්වන වේග පන්දු යවන්නකු වූ මතීෂට දැන් ඉන්දියාවෙන් ලැබෙන්නේ විශාල ප්‍රතිචාරයක්.
ඉන්දීය තරුණියන්ගෙන් විතරක් නෙවෙයි ඉන්දීය ජනප්‍රිය නිළියන්ගෙත් ආදරය දිනාගත් මතීෂට මෙදා සැරේ අලුත් අවුරුද්දට ගෙදර නම් එන්න වෙලා නැහැ.
මොකද මේ දිනවල තමයි ඉන්දීය ප්‍රිමිය ලීගයේ උණුසුම්ම තරග පැවැත්වෙන්නේ.
ඉතින් මේ නිසාම ගෙදර අය මතීෂට අවුරුද්දට සුබ පතන්න වීඩියෝ කෝල් එකක් අරන්.
ලෝකේ කොහේ හිටියත් අපේ ආදරණීයන්ට අපිව වැදගත් නම් කොහොම හරි අපිව සම්බන්ධ කරගන්නවා.
