මේ ගෙවෙන්නේ ගොඩක් වාසනාවන්ත කාලයක්..
ඒ වගේමයි ඒ වාසනාවට දෙගුණ වෙන සතුටක් චරිත්ට ලැබිලා..
ඔහු ඒ ගැන මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණේ ඒ සතුට ඔහුගේ රසිකයින්ටත් කියන්නම ඕන නිසා වෙන්න ඇති..
ඉතින් මෙදා අවුරුද්දට එයාලා දෙන්නා ළඟට ආව පුංචි අවුරුදු කුමාරි වගේ අවුරුදු කුමාරයෝ දෙන්නා ගැන තමයි ඔහු මේ කියන්නේ.. ඉතින් මාස නවයක් පුරා පෙරුම් පුරාගෙන හිටිය ඒ දෙන්නාගේ ඒ ලස්සන හීනේ හැබෑ වෙලා..
චරිත් අබේසිංහ කියන මේ කලාකරුවා දැන් ඉතින් ආදරණීය පියෙක්..
ඒත් එක්කම ඔහු වෙත පැවරෙන වගකීම් , කැපකිරීම් නම් එන්න එන්නම වැඩි වෙනවා..
ඉතින් මේ වගේ වටිනා සම්පතක් ලබන්න පින් කරපු චරිත් වගේම ඔහුගේ බිරිඳටත් මේ පුංචි පැටවු තුන්දෙනා එක්ක එයාලාගේ ලෝකේ දැන් ලස්සනට ගොඩනගා ගනීවි..
මේ තරම් කාලයක් ඔහුන් දෙදෙනාට ශක්තියක් වුණ හැම කෙනෙක්ටම ස්තූති කරලා ඔහු මෙන්න මේ වගේ සටහනක් එක්කරන්නත් අමතක කරලා නැහැ..
