මදු මාධව අරවින්ද කියන්නේ කොයි කවුරුත් දන්න කියන ආදරය කරන කෙනෙක්.
ඉතින් නළුකම,දේශපාලනයත් එක්කම ගායනයත් එක්කත් ජීවත් වෙන මදූ දැන් කවියත් එක්කත් රසික හදවත් දිනා ගන්න සමත් වෙලා.ඉතින් සමාජයේ වෙන හැමදෙයක් ගැන වගේම එයාගේ ආදරණීයන් ගැනත් හරි අපූරූ කවි නිසඳැස් ලියන්නත් ඒවා එයාට ආදරය කරන අයත් එක්ක බෙදාගන්නත් ඔහු අමතක කරන්නේ නැහැ.
ඉතින් මේ ළඟදි ඔහුගේ බිරිඳ ගැන හරි අපූරූ කාව්‍යාත්මක සටහනක් තබා තිබුණේ මෙහෙම.
ඉතින් කියවල බලන්නකෝ.
" ඉඹලා මරන් කන්න
බලන් ඉන්නෙ දකිනකල්....
නුඹලා දන්නෑ නේ ඉතිං
මගෙ සීතා හරිම වල්...
රාමාව අවුස්සන්න ඕනේ මියැනතුරු සීතාවක්
ආදරේ විතරක් නම් නුඹ මැරුණු ගාථාවක්
සුදු අම්මි,
චූටි මැනික,
මගෙ පන ,
කියල කිව්ව සමහර පිරිමින්ගෙ
හීන වල රෙදි ඉස්සුවෙ ...
වෙන ගෑනූ.....
ඒකට පිරිමි උනුත් වැරදි...තමා ඒත්......
හැබැයි තමන්ව අත හැරල වෙනස් වුණ
ආදරණීය ගැහැනිය .. නුඹත් වැරදියි...
ළමයි ලැබුනම අම්මට ඇදල
පංසලේදි..
පල්ලියෙදි.. ආගමට ඇදල..
ගාථාවක් ඔරසමකට ඇදල...
කෑම ටිකක් දැක්කම බඩ ජහරි සුරංගනාවියන්ට ඇදල...
පවුලේ යුතුකම් වලට විතරක් ඇදල...
කොටින්ම තමන්ව අතහැරල..
අම්මට, නෝනට, ගෑනිට ඇන්ද බොහෝ ගැහැනුන්.... වරද්ද ගත්තේ...
දෙන්නටම .....
නැත්තම් ඉස්සර තිබ්බ ලස්සන අතීතයට වැරැද්දුවා.... දැන හෝ නොදැන..
හොද වුණාට ලෝකෙට...
ඇත්ත ජීවිතේ සීතාත් ...
එලකිරි බඩුවක් වුණා රාමා ඉස්සරහ විතරක්..
අද රාමල ගෙදර එකීව හීනෙන් නොදකින්නේ..
පරන වල් වනචර ආදරණීය සීතා, අද අලුත් සීතෙක්ට ඇඳලා , ඇදගෙන, එක්කො සමාජෙ ඉස්සරහ වෙන රැජිනකට අන්දල, එක එක වෙන වෙන අහිංසක වැඩවල.
කොටින්ම මිනිස්සුන්ගෙ හීන වලට වෙන වෙන ගෑනු රූප ගෙනෙන්න පාලම් හැදුවෙත්...
සමහර විට ආදරණීය ගැහැණියමයි...
හැම සීතටම අමතක වෙනවා..
යාලු වුණ මුල් කාලේ රෙද්ද උස්සපු වාර ගානේ
රාමා හීනෙනුත් දැක්කෙ සීතව කියල...
ඇඳන් ඉන්න යට ඇඳුම ගන්නකොටත් රාම මේක දකියි කියල හිතපු සීතල පස්සෙ කාලෙක ඒවා අමතක කරා..
රාමට තියා ඇතැම් සීතලටත් මතක නෑ ඇන්දෙ පැලැන්දෙ මොකක්ද කියලා..
ඔවුන් වෙනස් උනා..
බන පද වුණා... අම්මල වුණා.. ඔරසම් වුණා..
එක්කො රාම වෙන වෙන සීතලගෙ හීන දකින බව දැනිලා, සීතා පංසලක් පල්ලියක් වුණා.......
යාලු වෙලා මුල් කාලෙම තමා
මහලු වෙලා පන අදිද්දිත්...
එක පාරක් සිප ගන්නව වගේම
එක පාරක් මිරිකන්න ඕකිව.....
රාම නම් මැරෙන්නේ මිරිකන්න රාමව...
සමහර විට ඇහැට කඳුලක් එයි...
මනමාල හිනාවක් එක්ක.....
ඒක බලන් ඉන්න උන්ට රාගය..
රාමට සීතට ප්‍රේමය.....
යාලු වෙලා ඉන්න කාලෙ හිටිය විදිහ
බැන්දට පස්සෙ සහ මුලින්ම වෙනස් වෙන ලෝකෙක....
සීතට වගේම රාමටත් වරදිනවා...
රාගය කියන්නේ අහවල් වැඩේ විතරක් කරන එක නෙවෙයි...
සමහර විට හැතැප්ම ගානක් ඈත ඉන්න වෙලාවක , තමන්ට පුලුවන් හීනවලත්
බඩ වෙන්න... සැතපෙන්න....හුස්ම ගන්න..
ලඟ ඉන්න කොට විතරක් නෙවෙයි....
ඈතින් ඉඳනුත්... හුස්ම ගන්න ඔබේ රාමා එක්ක, ඔබේ සීතා එක්ක පන ඇරලා...
හීනෙනුත් මං නිවන් යනවා...
මගෙ බන පදය මතක් කරලා....
මම බලන් ඉන්නව
ආයෙත් ඉක්මනින් ඈව දකිනකල්...
නුඹලා දන්නෑ නෙ..
මගෙ සීතා හරිම වල්...
පොඩිම සතුට ලොකුම කරන්
ඈ හිනහා වුණ
හැඩිම වෙච්ච මගෙ ජීවිතේ
අස් ඇගෙ වුණ පින
පුඩිම වගේ හිටියට හරි
වල් වනචර වෙන
වැඩිම වරක් මා හීනෙන්
ඉම්බෙ උඹව පන
මදු මාදව වල්වනචරවින්ද..
