මේ කියන්න යන්නෙ ලෝකයේ ගොඩක් දෙනෙක් භාවිතා කරන යෙදවුමක් ගැන කතාවක්..
TikTok, අද වෙනකොට විවිධ ආකාරවලින් පරිශීලනය කරන විශාල පිරිසක් ඉන්නවා..
ඒත් මේ යෙදවුම භාවිත කරන හැම කෙනෙක්ම හරියට TikTok භාවිත කරනවාද..? මේ ඒ ගැන ඇහෙන කතාව..
TikTok ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති රටවල් අතරට මැලේසියාව ද ඇතුළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා..
ඒ අනුව, මැලේසියානු රජය විසින් TikTok වෙත උපදෙස් දී ඇත්තේ එම යෙදවුම තුළ සංසරණය වන අහිතකර අන්තර්ගතයන් මැඩලීමට අදහස් කරන ආකාරය පිළිබඳ සංයුක්ත සැලැස්මක් ලබා දෙන ලෙසයි..
එහිදී ජාතිය, ආගම සහ රාජකීයත්වය සම්බන්ධයෙන් පළවන සංවේදී කරුණු විශේෂ බව ද රජය දැනුම් දී තිබෙනවා..
මැලේසියාවේ මාර්ගගත සන්නිවේදන නියාමන ආයතනය සහ පොලිසිය ඉකුත් දා පැවසුවේ මෙම වසරේ පළමු කාර්තුව තුළ “හානිකර” සමාජ මාධ්‍ය අන්තර්ගතයන් පිළිබඳ පැමිණිලි 51,638ක් ලැබී ඇති බවයි..
එය 2023 වසරේදී එලෙස ලැබි තිබූ පැමිණීලි සංඛ්‍යාව 43,000ක්..
කෙසේ වෙතත් චීන සමාගමක් වන ByeDance විසින් හිමිකාරීත්වය දරණ TikTok හරහා චීන රජය දත්ත ලබා ගන්නා බවට රටවල් රැසකින් චෝදනා එල්ල වනවා..
ඇතැම් රටවල් පවසන්නේ TikTok ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි..