Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
11
"දෙයියනේ! ඒ ළමයගේ අනාගතේ ඉවරයි. මේ දුක මම කාට කියන්නද..?" රට යන්න මගබලා සිටි සංගීත්ගේ බොඳ වුණ හීන ගැන ඔහුගේ මව හැඬූ කඳුළින් කී කතාව මෙන්න..

- "දෙයියනේ! ඒ ළමයගේ අනාගතේ ඉවරයි. මේ දුක මම කාට කියන්නද..?" රට යන්න මගබලා සිටි සංගීත්ගේ බොඳ වුණ හීන ගැන ඔහුගේ මව හැඬූ කඳුළින් කී කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
වැරැද්දක් කළේ නැත්නම් ඇයි මේ තරම් දඬුවම් කළේ..

දරුවෙකුගේ ජීවිතයක් මේ වගේ අඳුරු වෙනවා බලන්න අම්මාකෙනෙක්ට , තාත්තා කෙනෙක්ට පුළුවන්ද..? 

ඒත් ඔවුන්ට ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්න වෙලා... මේ සිද්ධිය ඇහෙන්නේ මැදවච්චියෙන්.. මැදවච්චිය පොලිසියේ නිලධාරීන් විසින් කළ බව කියන පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබු තරුණයෙක් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා...

තුවාල ලැබු තරුණයා පැවසුවේ තමන් තවත් මිතුරෙක් සමඟ කුඩා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදි පසුපස හඹා ආ පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වා තමන්ට පහරදුන් බවයි...

පහරදීමෙන් එම තරුණයාගේ වෘෂණ කෝෂයකට දැඩි හානි සිදුව තිබු අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ දි කරන ලද සැත්කමකින් එම වෘෂණ කෝෂය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.. අදාල සිදුවීමෙන පසු හරියටම සිදුවුණේ මොකද්ද..? මේ ඒ ගැන ඇහෙන කතාව්

මෙහිදී අදහස් දැක්වූ ශල්‍යකර්මයකට භාජනය කර සිටින දිලීෂ මෙසේ පැවසුවා..

“හත්වෙනිද බට්ටා ලොරිය හදාගෙන, මමයි යාළුවායි එන කොට රථවාහන පොලිස් නිලධාරීන් දෙන්නෙක් මාර්ගයේ හිටියා. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. අපි ඒ ස්ථානය පසු කරලා කිලෝමීටරයක් විතර දුරක් ගියාම ට්‍රැෆික් බයිසිකලයක් ඇවිල්ලා අපේ ඉස්සරහින් මඟ හරස් කරලා නතර කළා. නවත්තපු ගමන් මමයි යාළුවයි එළියට ඇදලාගත්තා. මගේ අත් දෙක පිටිපස්සට කරලා ගැටගහලා වාහනයට දාලා ගැහුවා, අපේ ලොරියට පිටිපස්සෙන් ආපු පොලිසියේ ත්‍රීවීල් එකක හිටපු හතර දෙනෙක් පොලුවලින් මගේ යාළුවට ගැහුවා. අපි මැදවච්චියේ පොලිසියට අරන් ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවේ මම ඒ මහත්තයලට කිවුවා මට ගොඩක් අමාරුයි, රෝහලට අරන් යන්න කියලා. ඊට පස්සේ වෛද්‍යවරයා ළඟට අරන් ගියාම, වෛද්‍යවරයා බලලා කිවුවා ගොඩක් අමාරුයි අනුරාධපුර ශික්ෂණ රෝහලට අරන් යන්න කියලා. පස්සෙ අනුරාධපුර රෝහලේදී ස්කෑන් එකක් කරලා වෘෂණකෝෂවලට ලේ බැහැලා කියලා ඔපරේෂන් එකක් කළා. අපිට ගහපු හේතුවක් අපි දන්නේ නෑ. ඒ ට්‍රැෆික්ලා අපිට නතර කරන්න කිවුවලු. අපි දැක්කෙ නෑ. වාහන ගොඩක් නතර කරලා තිබුණා. මේ වෙන කොට මගේ බෙල්ල, කොන්ද, මූත්‍රාශය ප්‍රදේශයෙන් දැඩි වේදනාවක් දැනෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ තරුණයාගේ මව වන කේ.පී. ප්‍රියදර්ශනී මහත්මිය:

“පුතා තව යාළුවෙක් එක්ක වාහනය හදාගෙන එන්න මැදවච්චියට ගියා, එතකොට පොලිසිය අත දාලා තියෙනවා, පුතාලා දැක්කේ නැහැ කියනවා. ඊට පස්සේ පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා, වාහනෙන් එළියට ඇදලා අරන් පුතාගෙ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා, පයින් පාගලා පහර දීලා තියෙනවා. ඊට පස්සේ මැදවච්චියෙන් අනුරාධපුර රෝහලට අරන් ඇවිල්ලා දැන් ශෛල්‍ය කර්මයකට භාජනය කරලා මගේ පුතාගේ වෘෂණකෝෂයක් අයින් කරලා… දෙයියනේ! ඒ ළමයගේ අනාගතේ ඉවරයි. මේ දුක මම කාට කියන්නද?

“රට යන්න පාස්පෝට් හදලා කොරියන් පාඨමාලාව හදාරමින් සිටියේ. ඊයෙත් පාඨමාලාව තියෙන දවසක්. මේ සම්බන්ධයෙන් අපි උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලි කළා. මම මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිගෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්, පොලිස්පතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි. මේ වගේ අපරාධයක් කරන්න තරම් මගේ පුතා වරදක් කරල නෑ.”

මේ සම්බන්ධයෙන් අප මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය:

“මේ සිද්ධිය පසුගිය 7 වෙනිදා තමයි සිද්ධ වෙන්නේ. මැදවච්චිය, මන්නාරම මාර්ගයේ ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් රාජකාරි කරන කොට බට්ටා වර්ගයේ ලොරි රථයකට නතර කරන ලෙස සංඥා කරද්දී අණ නොතකා ධාවනය කරනවා. ඒ අවස්ථාවෙදි පොලිස් ත්‍රිරෝද රථයක සිටි නිලධාරීන් ඒ සිද්ධිය දැකලා ලොරිය පසුපස ලුහුබඳිනවා. ඉන් පසු කිලෝ මීටර් නවයක් පමණ දුර යනවා. එක නිලධාරියෙක් ලොරියේ දොරේ එල්ලිලා තියෙනවා. ඒත් නතර කරලා නැහැ. අන්තිමට තුලාවේලි අතුරුපාරකදී ලොරිය නතර වෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ගිහින් අල්ලගන්නවා. පස්සේ රියැදුරා කලහකාරි ලෙස හැසිරිලා තිබෙනවා. රියැදුරා බීමත්ව රිය ධාවනය කර තිබෙනවා. රිය සහායක ලීටර් පහේ නීති විරෝධී මත්පැන් බූලියක් බිමට හලා තිබෙනවා ලොරියෙ යන කොට. රියැදුරු බලපත්‍රයක් නැතිව රිය ධාවනය, බීමත්ව රිය ධාවනය, අපරීක්ෂාකාරි අන්දමින් රිය ධාවනය, අණ නොතකා රිය ධාවනය සම්බන්ධයෙන් මේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබුණා. රය සහායකයා නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“රියැදුරා පොලිසියට ඇතුළත් කළාම වෘෂණකෝෂය ඉදිමිලා කියලා කියනවා. අපි ඊට පස්සේ රෝහල්ගත කරනවා. පොලිස් නිලධාරීන් කියන්නේ ඔවුන් ගැහුවෙ නෑ කියලා. මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතා යටතේ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධියට සම්බන්ධ රථ වාහන අංශ නිලධාරීන් දෙදෙනා වෙනත් පොලිසි දෙකකට මාරු කර යවා තිබෙනවා.”

දිනමිණ ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top