ඔයත්, සුදු වෙන්න කියලා එක එක නිශ්පාදන පස්සේ යන කෙනෙක්ද..?
එහෙම නිශ්පාදන පාවිච්චි කරනවා නම් මේ වගේ කතා ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න..
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
පාරිභෝගික අධිකාරිය විසින් පවසන්නේ ඒවා රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා නිෂ්පාදන තොගයක් බවයි..
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කළ විමර්ශනයක දී තහවුරු කරගත් තොරතුරු අනුව විශේෂ වට්ටම් සහිතව විකිණීමට ප්‍රදර්ශනය කර තිබු අදාල කල් ඉකුත් වූ භාණ්ඩ තොගය සොයාගත් බවත් මේ පිළිබඳ ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එම අධිකාරිය පැවසුවා..
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ජයන්ති විජේතුංග මහත්මියගේ උපදෙස් පරිදි වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන චතුර හේරත්, ඉරේෂ් හේමන්ත සහ ඩි.ඩි.ඒ ප්‍රනාන්දු වැටලීම ක්‍රියාත්මක කළා..