අලුතෙන් ජංගම දුරකතනයක් ගන්න බලාගෙන ඉන්න ඔයාට මේක සුබ ආරංචියක් වේවි..
මොකද කාලයක් හොඳටම ගණන් උස්සපු ජංගම දුරකතන මිල අද වෙද්දී ටිකක් අඩු වෙලා...
අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියලේ අගය ඉහළ යාමත් සමඟ ජංගම දුරකථන මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමය පවසනවා..
මේ අතර, අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයින් වෙත ලබා දෙමින් ජංගම දුරකතන මිල පහළ දැමීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කළා..
සාමාන්‍ය ජංගම දුරකතනයක් රුපියල් 7000ක වගේ මිලකට මේ නිසා වෙළඳපොළෙන් ලබාගන්නට හැකියාව පවතිනවා..
එසේම නවතම මාදිලියේ i phone ජංගම දුරකතනයක මිලත් සැලකිය යුතු මුදලකින් අඩු වනු ඇති බවයි ඔවුන් පවසන්නේ..