ඇය මීට මාස ගණනකට පෙරදී සාජ් හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවයට එකතු වුණේ දහසක් බලාපොරොත්තුද සමඟයි..
ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යාමට පැමිණ තිබුණා.. ඒ යන අතරතුරයි ඇය මේ නොසිතූ අනතුරට මුහුණ දී ඇත්තේ..
වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්වය නිසා , එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතිය තුළින් විදුලිය කාන්දු වී , විදුලි සැර වැදී මිය ගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා..
කළුතර , මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ අවිවාහක තරුණියක්.. ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යාමට පැමිණ තිබුණා..
ඒ වනවිට වසර ගණනාවකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව නිසා සාජා නුවර ද ගංවතුර ආපදා තත්වයක් ඇති වී තිබූ අතර, ඇය සේවය කළ සාජා නුවර ද භූගතව විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ අතර , මෙම ගංවතුර තත්වයත් සමග මෙම විදුලි පද්ධතිය කාන්දු වීමට පටන් ගෙන තිබෙනවා...
මේ බැව් නොදත් ජයමිණි සදමාලි විජේසිංහ ද මෙම ගංවතුරට බසිත්ම , විදුලි සැර වැදී තිබුණා..
ඒ වනවිටත් ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකුට , බංගලදේශ ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා..
ජයමිණිට විදුලි සැර වැදීමෙන් පසු ඒ අවට පිරිසක් මේ පිළිබඳ දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ , එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අත්හිටූවා ආරක්ෂිත පියවර ගැනීමට පියවර ගෙන ඇතත් ඒ වෙනකොට ඇය සමුගෙන ගිහින්..
ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයගේ වැඩිමහල් සොහොයුරු මේ පිළිබඳව අදහස් දක්වමින් , තමන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික නිලධාරීවරයෙකු බවත් , මෙම භූගත විදුලි බල පද්ධතිය ස්වයංක්‍රීයව අක්‍රීය වී නොතිබීම සහ එම පද්ධතිය ගංවතුර ආපදා තත්වය තුළ දී අක්‍රීය කිරීමට පියවර නොගැනීම පිළිබඳ සජා නුවර එරට විදුලි බල මණ්ඩලය වෙත චෝදනා කරනවා..