2024 වසරේ දී කාන්තාවකට තනිවම සංචාරය කළ හැකි රටවල් අතර පළමු ස්ථානය ශ්‍රි ලංකාවට හිමි ව තිබෙනවා.
මේ බව ටයිම් අවුට් වෙබ් අඩවිය විසින් අනාවරණය කර සිටී.
ශ්‍රී ලංකාවට මෙම සහතිකය ලබා දී ඇත්තේ ලොව ප්රමුඛ පෙළේ සංචාරක ගමනාන්ත පිළිබඳ මෙන්ම ආහාර, සංස්කෘතීන්, චිත්‍රපට ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ සැලකිල්ලට ගනිමින් බවයි වාර්තා වෙන්නේ..
කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම විදේශගත වීම මේ කාලයේ ප්‍රවණතාවක් වී ඇති අතර අදාල සමීක්ෂකයින් පෙන්වාදෙන්නේ, එලෙස සංචාරය කරන කාන්තාවන්ට හුදකලා සංචාරකයින් සඳහා ගමනාන්ත සලකා බැලීමේදී ආරක්ෂිත නවාතැන් පහසුකම්, හොඳින් ස්ථාපිත මාර්ග, එම රටේ ජනතාව සහ සමාජ අන්තර්ක්‍රියා මෙන්ම නිදහසේ කාලය ගත කිරීමට ඇති හැකියාව ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමක පවතින බවයි..
ඉන්දියන් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුවිශේෂී පාරිසරික විවිධත්වයක් ඇති රටක්ද වෙනවා..